Last Update  :  2025-11-04 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමර අ. පූර්ව වටයට

වේල්ස් කුමර අ. පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඉකුත් වසරේ ශූරයන් වූ වේල්ස් කුමර විදුහල ඊයේ (6 වැනිදා) සමත් විය.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කටුගස්තොටදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, ප්‍රසාද ලකුණු අනුව වේල්ස් කුමර විදුහලට අවසන් පූර්ව වටයට පිවිසිමේ වරම් හිමිවිය.

වේල්ස් කුමර විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහින්ස ද සිල්වා ලකුණු 18 කට කඩුලු 4 ක් දවාගත්තේය.


වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - ඕවර 64 කදී කඩුලු 8 ක් දැවී 150
(විනුජ රාම්පොල් නොදැවී 36, සඳුන් රණතුංග 21, දිනිදු බණ්ඩාර 24/3, අසිත වන්නිනායක 25/2)

ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 33 කදී කඩුලු 6 ක් දැවී 101  
(මහින්ස ද සිල්වා 18/4)

 


අදහස් (0)

වේල්ස් කුමර අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.