Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩයලොග් වෙළෙඳසේවා 2014 සත් සාමාජික රග්බි තරගාවලිය කණ්ඩායම් 39 ක සහභාගීත්වයෙන් අද (30 දා) කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
තරගාවලියේ සමාරම්භක දිනයේ (මැයි 30 දා) තරග ප.ව. 2.30 සිට ප.ව.7.30 දක්වාද දෙවැනි දිනයේ (මැයි 31 දා) තරග පෙ.ව. 8.30 සිට ප.ව. 6.00 දක්වාද තෙවැනි සහ අවසන් දිනයේ තරග පෙ.ව.8.30 සිට ප.ව. 6.30 දක්වාද තරග පැවැත්වීමට සංවිධායක වෙළෙඳ සේවා රග්බි පාපන්දු සංගමය සැලසුම් කර තිබේ.
මෙම තරගාවලිය සඳහා නවක කණ්ඩායම් දෙකක් වන බෙල්කෝ ඒසියා සහ ඇට්ටියුන් ලංකා කණ්ඩායම් ප‍්‍රථම වරට ඉදිරිපත්ව සිටිති.
වෙළෙඳසේවා පාපන්දු රග්බි සංගමය විසින් 44 වැනි වරටත් සංවිධානය මෙම තරගාවලියට ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් මෙවර තරග වැදීම විශේෂත්වයකි. තරගාවලිය සඳහා ඩයලොග් සමාගම 12 වැනි වරට අනුග‍්‍රහය දක්වයි.
තරගාවලිය කුසලාන, පළග, බඳුන සහ පළිහ වශයෙන් පැවැත්වේ. කුසලාන තරගාවලිය සඳහා කාණ්ඩ දෙකකින් කණ්ඩායම් 10 ක් ද, බඳුන තරගාවලිය සඳහා කාණ්ඩ 4 කින් කණ්ඩායම් 15 ක්ද පළිහ තරගාවලිය සඳහා කාණ්ඩ හතරකින් කණ්ඩායම 14 ක්ද තරග වැදීමට නියමිත අතර අදාළ ජයග‍්‍රාහී සහ අනුශූර කණ්ඩායම් සඳහා සැම්සුන් වර්යේ ජංගම දුරකථන ලබාදීමට නියමිතය.
පසුගිය 2013 වසරේ පැවැති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 34 ක් ක‍්‍රීඩා කළ අතර එහිදී කුසලාන ජයග‍්‍රහණය කිරීමට මාස් හෝල්ඩින් ‘ඒ’ කණ්ඩායම සමත් විය.
ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම පළග ශූරතාව දිනා ගැනීමට සමත් විය. බඳුන ශූරතාව දිනා ගැනීමට සිටිසන්ස් සංවර්ධන බැංකු කණ්ඩායම සමත් වූ අතර පළිහ ශූරතාව දිනා ගැනීමට බ‍්‍රැන්ඩික්ස් එසන්ටියල්ස් ආයතනය සමත් විය.
කුසලාන සඳහා තරග කරන කණ්ඩායම් 10
බඳුන සඳහා තරග වදින කණ්ඩායම් 15
පළිහ සඳහා තරග වදින කණ්ඩායම් 14
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.