Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ ජයග්‍රහණයකින් ආරම්භ කළ ද මනා සංයමයකින් යුතුව වේගවත් ක්‍රීඩා රටාවක නිරතවූ ඉක්වදෝරය හමුවේ ලබාගත් 2-1 ක ජයග්‍රහණය වෙනුවෙන් සෑහෙන කාලයක් මිඩංගු කිරීමට ස්විට්සර්ලන්තයට සිදුවීය.
නියමිත කාලය නිමාවනවිටත් ගෝල් 1-1 ක් ලෙස තරගය සම තත්ත්වයේ තිබූ අතර මිනිත්තු 3ක අතිරේක කාලයේ දී ස්විට්සර්ලන්තයේ අතිරේක ක්‍රීඩක 23 හැවිරිදි හැරිස් සෙෆරොවික් ලබාගත් ගෝලයෙන් ජයග්‍රහණය ස්ථිර විය.
සෙෆරොවික් සිය කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක ගෝලයක් වාර්තා කළ පළමු අවස්ථාව එය නොවීය. ඔහු ඊට පෙර 2009 අවුරුදු 17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් මහා තරගයේ දී නයිජීරියාවට එරෙහිව එවැනිම ගෝලයක් ලබාගැනීමෙන් ඉතිහාසයට එක්වූ ක්‍රීඩකයෙකි.
තරගයේ 22වැනි මිනිත්තුවේ දී ඉක්වදෝරය වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට එනර් වැලැන්සියා සමත්විය. වෝල්ටර් අයෝවි විසින් යොමුකරන ලද පන්දුව ඉතා සාර්ථක ගෝලයක් බවට පත්කිරීමට ඔහුට හැකිවිය. එම ගෝලයත් සමග ක්‍රීඩාපිටිය උණුසුම් අතට හැරවුණු අතර තරගයේ පළමුභාගය නිමාවනවිට ගෝල 1-0 කින් පෙරමුණ ගැනීමට ඉක්වදෝරය සමත්විය.
කෙසේවෙතත් පරාජයේ අවමානයෙන් ස්විට්සර්ලන්ත කණ්ඩායම බේරාගත් ඇඩිමීර් මොහොමඩ් තරගයේ 48වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබාගනිමින් තරගය සම තත්ත්වයකට පත් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.