ආසියානු වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන වයස 21 න් පහළ ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් මේ වන විට තෝරාගෙන තිබේ. මෙම තරගාවලිය මාර්තු මස 2 වැනිදා සිට 4 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට ක්‍රීඩකයන් සිව්දෙනෙකු සහ පුහුණුකරුවකු ඇතුළත් වන අතර කාන්තා කණ්ඩායමට ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සහ පුහුණුකරුවකු ඇතුළත් වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරාගැනීම සඳහා ඉකුත් 22 වැනිදා මාකොල, හෙයියන්තුඩුව තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ තේරීම් තරග පැවැත්විණ. තෝරාගත් කණ්ඩායම් දෙකම ඉකුත් 28 වැනිදා සිට හෙයියන්තුඩුව තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේදී නේවාසිකව පුහුණුවීම වල නිරත වෙති.
පිරිමි කණ්ඩායම -
ඩී. කේ. රංගන ප්‍රභාත්, ජේ. එල්. අෂේන් රෂ්මික, තරිඳු මධුෂංක, පී. ජී. මිහිරංග උදයකුමාර් සහ එම්. ජේ. මහේෂ් පෙරේරා (පුහුණුකරු)
කාන්තා කණ්ඩායම -
එම්. එච්. හෂිනි මල්ෂා ප්‍රියමාලි, ඒ. තාරකී නෙලුම් ප්‍රියදර්ෂනී, ඩබ්ලිව්. ෂෙහාන් අසංගා, ඩබ්ලිව්. රමීෂා මධුෂානි පීරිස් සහ කේ. ඒ. නන්දසිරි (පුහුණුකරු)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.