අසර්බයිජානයේ බාකු නුවරදී මැයි මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන 4 වැනි ඉස්ලාම් සහයෝගිතා ක්‍රීඩා උලලේදී වුෂූ තරගාවලියේ සන්දා (ද්වන්ද සටන්) අංශයේ අන්තර් ජාතික තාක්ෂනික විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා වුෂූ විනිසුරු සභාවේ සාමාජික, වුෂූ විනිසුරු හා තරග තීරක මොහොමඞ් පාසික් මන්සූර් මහතා තේරී පත්ව සිටියි.
මොහොමඞ් පාසික් මහතා නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර නිශාන්ත පතිරාජ මහතා යටතේ දිගු කලක් වුෂූ ක්‍රිඩකයෙක් ලෙසද, 2005 වසරේ සිට ජාතික වුෂූ විනිසුරුවරයකු ලෙසද කටයුතු කර ඇති පලපුරුදු හා දක්ෂ විනිසුරුවරයෙකි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.