Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විස්සයි-20 නායකත්වයත් කුසල්ට

විස්සයි-20 නායකත්වයත් කුසල්ට

editorial - 2021 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

එංගලන්ත සංචාරයේදී පැවැත්වෙන විස්සයි-20 තරග තුන සඳහාත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් වත්මන් එක්දින නායක කුසල් ජනිත් පෙරේරා නම්කරනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

එක්දින අන්තර්ජාතික තරග බිමෙන් සමුගෙන සිටින නමුත් විස්සයි-20 ක්‍රීඩාවෙන් තවමත් සමුගෙන නොමැති ලසිත් මාලිංග ශ්‍රී ලංකා සීමිත ඕවර සංචිතයට ඇතුළත් නොවීම නිසා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිවන බව මීට සති කිහිපයකට ඉහතදී කතාබහට ලක්වී තිබිණ. එහෙත් එංගලන්ත සංචාරයේදී එක්දින තරග 3 ක් මෙන්ම විස්සයි-20 තරග 3 ක් ද පැවැත්වෙන බැවින්ද, කුෂල් ජනිත් පෙරේරාත් විස්සයි-20 කණ්ඩායමේ සිටින බැවින්ද, එක නායකයකු සිටීම වඩාත් යහපත් යයි තවත් අදහසක් මතුවී තිබේ.

මේ සම්බන්ධයෙන් කෙළිමඬල කළ විමසීමකදී දැනගත හැකිවූයේ ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නැති නමුත් ඇතැම් විට එවැන්නක් සිදුවිය හැකි බවයි.
 
- 213

 


අදහස් (0)

විස්සයි-20 නායකත්වයත් කුසල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.