Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විරෝධතා ගොන්නක් පෙරමග

විරෝධතා ගොන්නක් පෙරමග

editorial - 2024 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 30 වැනිදා පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය (2024-26) සඳහා ඉදිරිපත් කර තිබෙන නාමයෝජනා ගණනාවකට විරෝධතා ගොනු කෙරෙනු ඇතැයි වාර්තාවේ. එම විරෝධතා බහුතරයකින් නාමයෝජනා බාරදුන් අපේක්ෂිකාවන්ගේ සුදුසුකම් ගැටළු මෙන්ම ඔවුන්ගේ නාමයෝජනා පත්‍රිකාවල පවතින බව කියන දෝෂයන් අභියෝගයට ලක්කෙරෙනු ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

නාමයෝජනා විරෝධතා බාර ගැනීම ඊයේ (24) ආරම්භ වුනු අතර එය සිකුරාදා (26) පෙරවරු 10 දක්වා සිදු කෙරේ. මැයි 30 වැනිදා පෙරවරු 10 ට රීඩ්මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිත දැල්පන්දු සම්මේලනයේ මීළඟ  නිලවරණය මෙහෙයවන (නිලවරණ) කමිටුවේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා කටයුතු කරයි.

විශ්‍රාමලත් අතිරේක ලේකම්වරියක් වන පද්මජිනා සිරිවර්ධන හා විශ්‍රාමලත් ක්‍රීඩා අධ්‍යක්ෂ සී. රත්නමුදලි යන මහත්ම මහත්මීහු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිනි ලක්ෂ්මි වික්ටෝරියා හා   හිටපු සභාපතිනියක් වන තමාරා ධර්මකීර්ති හේරත් යන මහත්මීන්ගේ සභාපති අපේක්ෂකත්වයෙන් මෙවර ප්‍රධානතම පාර්ශ්ව දෙකක් නාමයෝජනා බාරදී තිබේ. ඒ අතර රත්නපුර හා මන්නාරම යන දිස්ත්‍රික් දැල්පන්දු සංගම් දෙකේ යෝජනා ස්ථිරත්වයෙන් ඔලිවියා ගමගේ මහත්මිය ද සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් කර තිබේ.

ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය සභාපති අපේක්ෂකත්වය සඳහා සංගම් 15 ක් විසින් යෝජනා කර ඇත. හිටපු සභාපතිනියක් වන ට්‍රික්ෂි නානායක්කාර මහත්මිය සභාපතිත්වය දරන රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය ඇතුළුව තවත් සංගම් 10ක් තමාරා ධර්මකීර්ති මහත්මිය සභාපති ධුරයට යෝජනා කර ඇත. එහිදී පොළොන්නරුව හා කොළඹ යන සංගම් ප්‍රධාන සභාපතිධුර අපේක්ෂිකාවන් දෙදෙනාම යෝජනා කර තිබේ.

 

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයට (2024-26) ඉදිරිපත්වූ නාමයෝජනා

• සභාපති ධුරයට :- ලක්ෂ්මී වික්ටෝරියා, තමාරා ධර්මකීර්ති හේරත් හා ඔලීවියා ගමගේ යන මහත්මින්.
• නියෝජ්‍ය සභපාති ධුරයට:- චම්පා රංජනී හා වජිරා නෙත්තිකුමාර යන මහත්මීන්
• ප්‍රධාන ලේකම් ධුරයට:- සංජීවනී වනසිංහ පීරිස් හා ෂිරෝමි කුරුප්පු යන මහත්මීන්.
• උප සභාපති ධුර (ඡන්දයෙන් 4):- ෂිරෝමී කුරප්පු, ටී.එම්.පී. කුමාරිහාමි, තනුජා දිසානායක, කුමුදුණී ගෝමස්, චම්පා ගුණවර්ධන, තමරා පරාගොඩ ලියනගේ, රන්ජනා ක්‍රිස්ටලින් හා එස්. සුමරන්තනි යන මහත්මීන්.
• උප ලේකම් ධුරයට:- හිරුෂිකා ගුණවර්ධන හා ශ්‍යාමා කුරේ යන මහත්මීන්.
• උප භාණ්ඩාගාරික ධුරයට:- සුමිත්‍රා පෙරේරා හා හිමාලි එදිරිවීර යන මහත්මීන්.
• භාණ්ඩාගාරික ධුරයට:- නීතිඥ පද්මිණී හොරණගේ හා ජයන්ති ජයසූරිය යන මහත්මීන්.


අදහස් (0)

විරෝධතා ගොන්නක් පෙරමග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.