Last Update  :  2024-05-09 15:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විරේන් බැඩ්මින්ටන් රිදී පදක්කමක් දිනයි

විරේන් බැඩ්මින්ටන් රිදී පදක්කමක් දිනයි

editorial - 2023 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඉන්දුනීසියාවේ මෙඩන්හීදි පැවැති එක්ස්ෆෝරා ඉන්දුනීසියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සමත් විය.

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අධීක්ෂණය යටතේ ඉන්දුනීසියා බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ එම තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල 6 වැන්නා ලෙස තරග වැදුණු විරේන්, අවසන් මහ තරගයේදී ඉන්දුනීසියානු ක්‍රීඩක අල්වි ෆර්හාන් හමුවේ පරාජයට පත් වූයේ ලකුණු 15-21 ක් සහ 10-21 ක් ලෙසිනි.

පිරිමි කේවල තරග ඉසව්වේ අවසන් පූර්ව වටයේදී ඉන්දුනීසියාවේ තවත් ප්‍රබල ක්‍රීඩකයකු වූ ක්‍රිෂ්ණ අඩි නුග්‍රහා හමුවේ පළමු වටය ලකුණු 17-21 කින් පරාජයට වූවද, යළි සාර්ථකව තරගයට අවතීර්ණ වී ලකුණු 21-07 ක් සහ 21-15 ක් ලෙස දෙවැනි සහ තෙවැනි වට ජයගැනීමට විරේන් සමත් විය. ඔහු අවසන් පූර්ව වටයට එක් වූයේ මැලේසියාවේ ශහ්යාර් ෂකීම් ලකුණු 21-06 ක් සහ 21-15 ක් ලෙස පරාජය කරමිනි.

මූලික වටයේදී ඔහු හමුවේ පරාජයට පත්වූ ක්‍රීඩකයන් අතර හොංකොං, ඉන්දුනීසියානු සහ එංගලන්ත ක්‍රීඩකයන් සිටීම විශේෂත්වයකි. අවසන් 16 දෙනාගේ වටයේදී හොංකොං ක්‍රීඩකයකු වන ජේසන් ගුනවාන් ලකුණු 21-16 ක් සහ 22-20 ක් ලෙස පරාජය කළ විරේන්, අවසන් 32 ගේ වටයේදී ලකුණු 21-18 ක් සහ 21-09 ක් ලෙස ඉන්දුනීසියාවේ අල්වි විජයා චයිරුල්ලා පරාජය කළේය.  


අදහස් (0)

විරේන් බැඩ්මින්ටන් රිදී පදක්කමක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.