Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විනය කඩ කළ එංගලන්ත ප්‍රේක්ෂකයන්ට වැඩ වරදී

විනය කඩ කළ එංගලන්ත ප්‍රේක්ෂකයන්ට වැඩ වරදී

editorial - 2021 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය නැරඹීම සඳහා වෙම්බ්ලි ක්‍රීඩාංගණ‍යට ඇතුළු වීමේදී ආරක්ෂ විධි විධාන කඩ කළ නරඹන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට යූරෝපීය පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. එහිදී ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා නරඹන්නෝ එහි ගේට්ටු කඩා දමමින් පොලිස් නිලධාරීන් සමග ගැටුම්ද ඇතිකර ගත්හ.

එංගලන්ත පාපන්දු සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී මාක් බුලිංහැම් මහතා එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවේශ පත් මිලදී ගෙන නීත්‍යානුකූලව තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණි නරඹන්නන්ගෙන් සමාව අයැද සිටියේය. ක්‍රීඩාංගණයේ ආරක්ෂක කණ්ඩායම කියා සිටියේ තමන් කිසි දිනෙක එවැනි සිදුවීමක් දැක නොතිබූ බවයි.

අවසන් තරගය ගෝල 1-1 ක් ලෙස සම වීමෙන් පසුව දඬුවම් පහර 3-2 ක් ලෙස ඉතාලිය හමුවේ එංගලන්තය පරාජයට පත්විය. පරාජයෙන් වියරු වැටුණ ඇතැම් එංගලන්ත ප්‍රේක්ෂකයන් ඉතාලි ප්‍රෙක්ෂකයන්ට එළව එළවා පහරදුන් අයුරුද ක්‍රීඩාංගණයේ සවිකර ඇති කැමරාවල පටිගත වී තිබිණ.

අවසන් තරගය අතරතුර මෙම එංගලන්ත පාපන්දු ලෝලීන් ඉතාලියේ ජාතික ගීයට බාධා කිරීම, ක්‍රීඩාංගණයට කඩාවැදීම, ක්‍රීඩාංගණයට නොයෙකුත් දේ විසි කිරීම සහ ගිනි දැල්වීම වැනි විනය විරෝධී ක්‍රියාවන්වල නිරත වූ බවට මේ වන විට එංගලන්ත ප්‍රේක්ෂකයන්ට චෝදනා එල්ල වී තිබේ.

අවසන් තරගයේදී ක්‍රීඩාංගණය තුළ සහ ක්‍රීඩාංගණයෙන් අවට සිදුවූ ප්‍රේක්ෂකයන් සම්බන්ධ සිදුවීම් පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වෙනමම විනය පරීක්ෂකවරයෙකු පත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇතැයි යුරෝපීය පාපන්දු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
බීමතින් හැසිරුණු විශාල පිරිසක් ප්‍රවේශපත් නොමැතිව වෙම්බ්ලි ක්‍රීඩාංගණය තුළට කඩා වැදී ඇති බවත්, නැවත එවැනි සිදුවීමක් වීම වැළැක්වීම සඳහා බලහත්කාරයෙන් ඇතුළු වූ ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය සමග එක්ව කටයුතු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එංගලන්ත අග්‍රාමාත්‍යවරයාගේ නිල ප්‍රකාශකයා පවසා සිටියේ එම දර්ශන කිසිසේත් අනුමත කළ නොහැකි  බවත්, ප්‍රචණ්ඩත්වය, සමාජ විරෝධී හැසිරීම් සහ අපයෝජනයන් දැඩි ලෙස හෙළා දකිව බවත්ය.

ඩෙන්මාර්කයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය තුළදී ඩෙන්මාර්ක දැළ රකින්නා‍ වෙත ලේසර් කිරණ එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් යුරෝපීය පාපන්දු සම්මේලනය එංගලන්ත පාපන්දු සංගමයට යුරෝ 30,000 ක දඩ මුදලක්ද නියම කර තිබේ.

-036


අදහස් (0)

විනය කඩ කළ එංගලන්ත ප්‍රේක්ෂකයන්ට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.