Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විධායක සභාව 11 කට උස්සයි

විධායක සභාව 11 කට උස්සයි

editorial - 2024 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තනතුරු පහකට පමණක් සීමා වී තිබූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ විධායක සභාව තනතුරු 11 ක් දක්වා ඉහළ නංවා තිබේ. මීළඟට ලබන මැයි මාසයේදී යෙදී තිබෙන ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය (2024 -26) කැඳවීමේදී නියෝජ්‍ය සභාපති ධුරයක් හැරෙන්නට උපසභාපති ධුර හයක් හා තරග ලේකම් ධුරයක් ද නව විධායක සභාවට එක් කෙරේ. දැනටත් ක්‍රියාත්මක වන පරිදි ඉන් එක් උපසභාපති ධුරයක් පාසල් දැල්පන්දු සංගමය සඳහා නිල වශයෙන් වෙන් කෙරේ.

සිය ශත සංවත්සරය සැමරූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය ඒ සඳහා විශේෂයෙන්ම සූදානම් කළ සියවස් සමරු දැල්පන්දු ග්‍රන්ථය නුදුරේදී එළිදැක්වීමට කටයුතු කෙරේ. මෙහි සම්පාදකවරිය වන්නේ ජාතික දැල්පන්දු විනිසුරුවරියක වන දැල්පන්දු සම්මේලනයේ මාධ්‍ය ප්‍රචාරක නිලධාරිනී ෂිරන්ති ප්‍රසාදිකා රාජපක්‍ෂ මහත්මියයි.

මෙම කරුණු අනාවරණය කිරීමේ කොළඹ පැවැති මාධ්‍ය හමුවට දැල්පන්දු සම්මේලනයේ ලේකම් වින්දනා දයාරත්න, භාණ්ඩාගාරික නීතිඥ පද්මිණි හොරණගේ, උප භාණ්ඩාගාරික රේණුකා ලයානි, මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනියන් වන ෂිරන්ති ප්‍රසාදිකා රාජපක්‍ෂ, යමුනා සඳමාලි හා සම්බන්ධීකරණ නිලධාරිනී චම්පා ගුණවර්ධන යන මහත්මීහු සහභාගී වූහ.


අදහස් (0)

විධායක සභාව 11 කට උස්සයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.