Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (6 වැනිදා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 146 ක ඉලක්කයක් හඹාගිය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයෝ කඩුලු 7 ක් බිඳවැටී අවසන් පන්දුවේදී ජයග්‍රහණය තහවුරු කරගත්හ. චාරුක ප්‍රමෝද් යැවූ අවසන් ඕවරයේ අවසන් පන්දු දෙකේදී තරගය ජය ගැනීම සඳහා බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ලකුණු 11 ක් අවශ්‍ය වූ අතර එහිදී පිට පිටම හයේ පහර 2 ක් එල්ල කරමින් ජෙෆ්රි වැන්ඩසේ සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පන්දු 11 කට මුහුණදුන් වැන්ඩසේ එහිදී නොදැවී ලකුණු 29 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 28 ක්ද, ළහිරු මධුෂංක පන්දු 23 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක්ද රැස්කරමින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් පොලිස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 145 ක් ලබාගත් අතර එහිදී අර්ධ ශතකයක් ලබාගැනීමට චතුරංග ජයතිලක (50) සමත් විය. පන්දු 33 කට මුහුණදුන් චතුරංග, හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය ඉනිම සැරසුවේය. නදීර බාලසූරිය පන්දු 21 කින් ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඒෂාන් මාලිංග සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර පොලිස් පිතිකරුවන් පීඩනයකට පත් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් තරිඳු ගුරුගේ ලකුණු 26 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.
පොලිස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 145
(නදීර බාලසූරිය 25, චතුරංග ජයතිලක 50, රෂ්මික හිරුෂාන් 16, ඒෂාන් මාලිංග 14/4, තරිඳු ගුරුගේ 26/2)
බ්ලූම්ෆීල්ඩ් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 147
(රොන් චන්ද්‍රගුප්ත 28, නිපුන් කරුණානායක 16, ළහිරු මධුෂංක 29, තරිඳු ගුරුගේ 15, ජෙෆ්රි වැන්ඩසේ නොදැවී 29, නවීන් ප්‍රනාන්දු 29/3, ඉෂිර ආයුපාල 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.