Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වැන්ඩර්සේ - භානුක, ටීජේ පිලට ජය ගෙනෙති

වැන්ඩර්සේ - භානුක, ටීජේ පිලට ජය ගෙනෙති

Nisanka Sandeepani - 2017 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම එරෙහිව කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ටීජේ ලංකා කණ්ඩායම අද (17 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනායක වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ටීජේ ලංකා කණ්ඩායමේ මිනෝද් භානුක අර්ධ ශතකයක් (නොදැවී 60) රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ජෙෆ්රී වැන්ඩර්සේ ලකුණු 26 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(කසුන් විදුර 44, ජෙෆ්රී වැන්ඩර්සේ 26/5)

ටීජේ ලංකා - ඕවර 33.1 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 151
(මිනෝද් භානුක නොදැවී 60, අලංකාර අසංක 36/2)


අදහස් (0)

වැන්ඩර්සේ - භානුක, ටීජේ පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.