Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වැටුප් ලබන මහලේකම් ධුරයට අයැදුම්කරුවෝ 60 ක්

වැටුප් ලබන මහලේකම් ධුරයට අයැදුම්කරුවෝ 60 ක්

editorial - 2024 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ ඉහළ වැටුපක් හා දීමනා හිමි වන මහ ලේකම් ධුරය සඳහා අයදුම්පත් 60කට වැඩි ගණනක් දෙස් විදෙස් අයැදුම්කරුවන්ගෙන් ලැබී තිබේ.

මෙම ධුරය පිරවීම නුදුරේදීම සිදු කෙරෙන බවත් ඒ සඳහා විදේශීය අයදුම්කරුවකු කෙරෙහි ශ්‍රී ලංකා පාපන්දු ආයතනය වඩාත් අවධානය යොමු කරන බවත් එහි සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

පාපන්දු ආයතනයේ නව ව්‍යවස්ථාවට අනුව නිලවරණයේ දී ප්‍රධාන ලේකම් ධුරය අහෝසි කර තිබෙන අතර ඒ වෙනුවට විධායක සභාවට වගකියන වැටුප් ලබන විධායක ලේකම්වරයකු පත් කර ගැනීම මෙතැන් සිට සිදු කෙරේ. එහි විශේෂත්වය ප්‍රධාන විධායක නිලධාරි ධුරයේ බලතල ද ඊට එක් කර තිබෙන අතර නව තනතුර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ මහලේකම් ධුරය ලෙස බල ගැන්වේ.

අයැදුම්පත් යොමු කළ අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණ සඳහා ඉතා ඉක්මණින් කැඳවන බවත් පාපන්දු ආයතනය පවසයි.


අදහස් (0)

වැටුප් ලබන මහලේකම් ධුරයට අයැදුම්කරුවෝ 60 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.