Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වසර මැද ආධුනික කැරම් ශුරතාවලිය කල් යයි

වසර මැද ආධුනික කැරම් ශුරතාවලිය කල් යයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසුගිය දිනවල පැවැති තැපැල් වර්ජනය හේතුවෙන් අයදුම්පත් ලබාගැනීමේදී සිදුවූ ප්‍රමාදය නිසා ජූලි මස 1 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ 2018 වසර මැද ආධුනික කැරම් ශුරතාවලිය සතියකින් කල්දැමීමට සිදුවූ බව ශ්‍රී ලංකා කැරම් සම්මේලනය නිවේදනය කරයි.

තරගාවලියේ තරග අනුපිළිවෙළ සකස් කිරීම මේ මස 27 වැනිදා කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී පැවැති අතර අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ නිල ෆේස්බුක් ගිණුමට පිවිසීමෙන් තරග කාල සටහන ලබාගත හැකිය.

තරගාවලිය ජූලි මස 7 වැනිදා පෙරවරු 9.00 ට කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මුලස්ථානයේදී ආරම්භ වේ. 077 3430432 අංකය ඔස්සේ තරග කමිටු සභාපති  බ්‍රින්ඞ්ලි වික්‍රමසිංහ මහතා හෝ 071 8193287 අංකය ඔස්සේ තරග ලේකම් අමිතා වික්‍රමසිංහ  මහත්මිය ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

-036  

 


අදහස් (0)

වසර මැද ආධුනික කැරම් ශුරතාවලිය කල් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.