Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වරාය අධිකාරිය - එන්.සී.සී. - එස්.එස්.සී. ජය ලබති

වරාය අධිකාරිය - එන්.සී.සී. - එස්.එස්.සී. ජය ලබති

රොෂාන් ගුණරත්න - 2018 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ දෙවැනි සතියේ තරග 3 ක් අද (8 වැනිදා) අවසන්වූ අතර කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව වරාය අධිකාරිය කණ්ඩායමත්, සැරසන්ස් කණ්ඩායමට එරෙහිව එන්.සී.සී. කණ්ඩායමත් බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව එස්.එස්.සී. කණ්ඩායමත් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.
 
සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරගාවලියේ දෙවැනි සතියේදී ශතකයක් ලබාගැනීමට එන්.සී.සී කණ්ඩායමේ තරිඳු කෞශාල් පමණක් සමත්විය. 
 
රාගම පිලට එරෙහිව පළමු ඉනිමේදී කඩුලු 7 ක් දවාගත් හලාවත මේරියන්ස් පිලේ ශෙහාන් ජයසූරිය දෙවැනි ඉනිමේදී කඩුලු 3 ක් සමගින් කඩුලු 10 ක් සහ කෝල්ට්ස් පිලට එරෙහිව ඉනිම දෙකෙහිදීම කඩුලු 5 බැගින් දවාගත් වරාය අධිකාරිය පිලේ චානක කොමසාරූ කඩුලු 10 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
ආකාශ් සේනාරත්න (එස්.එස්.සී) සහ හෂේන් රාමනායක (බී.ආර්.සී) කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශතකය පෙනි පෙනී දැවීගිය පිතිකරුවා බවට වරාය අධිකාරිය කණ්ඩායමේ නික් කොම්ප්ටන් (98) එක්විය.
 
වරාය අධිකාරිය සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
 
වරාය අධිකාරියට ඉනිමක සහ ලකුණු 134 ක ජයක්
 
කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 26.3 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(චානක කොමසාරූ 38/5, මදුක ලියනපතිරණගේ 44/4)
 
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 113.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 410
(යොහාන් ද සිල්වා 40, නිසල් රංදික 42, නික් කොම්ප්ටන් 98, ඉශාන් රංගන 67, ගයාන් මනීශාන් 54, ගිහාන් රූපසිංහ 33, ප්‍රභාත් ජයසූරිය 115/3, ප්‍රියමාල් පෙරේරා 34/2, නිසල තාරක 73/2)
 
කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 72.3 කදී සියලුදෙනා දැවී ලකුණු 184
(පසිඳු ලක්ෂංක 44, විශාද් රංදික 67, ප්‍රියමාල් පෙරේරා 54, චානක කොමසාරූ 80/5, මදුක ලියනපතිරණගේ 42/4)
 
 
එන්.සී.සී. සහ සැරසන්ස් කණ්ඩායම් අතර කටුනායක නිඳහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී
 
එන්.සී.සී. පිලට ලකුණු 313 ක ජයක්
 
එන්.සී.සී. - පළමු ඉනිම - ඕවර 83 කදී සියලුදෙනා දැවී ලකුණු 284
(චතුරංග ද සිල්වා 59, තරිඳු කෞශාල් 131, ලසිත් ඇඹුල්දෙණිය නොදැවී 24, මොහොමඞ් ඩිල්ශාඞ් 38/3, සචිත්‍ර පෙරේරා 72/3)
 
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 43.5 කදී සියලුදෙනා දැවී ලකුණු 132
(රනිත ලියනාරච්චි නොදැවී 37, චාමික කරුණාරත්න 38/4, ලසිත් ඇඹුප්දෙණිය 19/3, සචින්ත පිරීස් 41/3)
 
එන්.සී.සී. - දෙවැනි ඉනිම - ඕවර 61 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 287
(ළහිරු උදාර 26, නිමේෂ ගුණසිංහ 71, ඇන්ජලෝ පෙරේරා 44, චතුරංග ද සිල්වා 79, රොෂාන් ජයතිස්ස 58/4, මොහොමඞ් ඩිල්ශාඞ් 66/2, රනිත ලියනාරච්චි 87/2)
 
 
බී.ආර්.සී. සහ එස්.එස්.සී. කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 
 
එස්.එස්.සී. පිලට කඩුලු 8 ක ජයක්
 
බී.ආර්.සී. - පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලුදෙනා දැවී ලකුණු 200
(හර්ෂ විතාන 77, රුමේෂ් බුද්ධික 25, තිලකරත්න සම්පත් 42, ආකාශ් සේනාරත්න 52/5, සචිත්‍ර සේනානායක 49/2)
 
එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 62.4 කදී සියලුදෙනා දැවී ලකුණු 199
(මිනෝද් භානුක 35, කෞෂාල් සිල්වා 42, මිලින්ද සිරිවර්ධන 23, චරිත් අසලංක 29, චාමර කපුගෙදර 33, හෂේන් රාමනායක 18/6, චාමිකර එදිරිසිංහ 40/2, තිලකරත්න සම්පත් 54/2)
 
බී.ආර්.සී. - දෙවැනි ඉනිම - ඕවර 76.2 කදී සියලුදෙනා දැවී ලකුණු 183
(රුමේෂ් බුද්ධික 23, හෂේන් රාමනායක 36, විකුම් සංජය 29, ආකාශ් සේනාරත්න 36/4, සචිත්‍ර සේනානායක 39/3, කසුන් මදුශංක 51/3)
 
එස්.එස්.සී. - දෙවැනි ඉනිම - ඕවර 39.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 187
(මිනෝද් භානුක 21, කෞෂාල් සිල්වා නොදැවී 85, මිලින්ද සිරිවර්ධන 66)

අදහස් (0)

වරාය අධිකාරිය - එන්.සී.සී. - එස්.එස්.සී. ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.