Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වරාය අධිකාරිය - එස්.එස්.සී. ජයගනී

වරාය අධිකාරිය - එස්.එස්.සී. ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර පැවැත්වෙන තරග වටයේ ඊයේ (03 වැනිදා) අවසන්වූ තරග දෙකකදි එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව එස්.එස්.සී. කණ්ඩායමත්, රාගම කණ්ඩායමට එරෙහිව වරාය අධිකාරිය කණ්ඩායමත් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.

මෙම සති අන්තයේ පැවැති තවත් තරග දෙකක් පෙරේදා (2 වැනිදා) අවසන්වූ අතර සැරසන්ස් කණ්ඩායමට එරෙහිව බී.ආර්.සී. කණ්ඩායමත්, කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව හලාවත මේරියන්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළහ.

ඇන්ජලෝ පෙරේරා (එන්.සී.සී), මිනෝද් භානුක (එස්.එස්.සී) සහ ගයාන් මනීෂාන් (වරාය අධිකාරිය) අවසන්වූ සති අන්තයේදී ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සචිත්‍ර සේනානායක (එස්.එස්.සී), චානක කොමසුරූ සහ මදුක් ලියනපතිරණගේ (වරාය අධිකාරිය), සචිත්‍ර පෙරේරා (සැරසන්ස්), චාමිකර එදිරිසිංහ (බී.ආර්.සී), මාලින්ද පුෂ්පකුමාර (හලාවත මේරියන්ස්) සහ ප්‍රභාත් ජයසූරිය (කෝල්ට්ස්) කඩුලු 5 බැගින් දවාගත් අතර ලසිත් ඇඹුල්දෙණිය (එන්.සී.සී) ඉනිම දෙකෙහිදීම කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

සැරසන්ස් කණ්ඩායමේ මොහොමඞ් ජලීල් (90) සහ හලාවත මේරියන්ස් කණ්ඩායමේ ශෙහාන් ජයසූරිය (95) මෙම සති අන්තයේදී ශතකය පෙනි පෙනී දැවී ගිය අවාසනාවන්ත පිතිකරුවෝ වූහ.

 

එස්.එස්.සී. සහ එන්.සී.සී. කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී පිලට ලකුණු 194 ක ජයක්

එස්.එස්.සී - පළමු ඉනිම - ඕවර 93.1 කදී සියලුදෙනා දැවී ලකුණු 347
(මිනෝද් භානුක 28, චරිත් අසලංක 56, මිලින්ද සිරිවර්ධන 70, දසුන් ශානක 63, චාමර කපුගෙදර 33, සම්මු අශාන් 40, ලසිත් ඇඹුල්දෙණිය 81/5, ෆර්වීස් මහරූෆ් 59/2, චාමික කරුණාරත්න 86/2)
එන්.සී.සී - පළමු ඉනිම - ඕවර 82.2 කදී සියලුදෙනා දැවී ලකුණු 298
(මහේල උඩවත්ත 46, සඳුන් වීරක්කොඩි 44, ඇන්ජලෝ පෙරේරා 107, චතුරංග ද සිල්වා 38, තරිඳු කෞශාල් 21, ධම්මික ප්‍රසාද් 37/4, දසුන් ශානක 29/3, ජෙෆ්රි වැන්ඩසේ 113/2)
එස්.එස්.සී - දෙවැනි ඉනිම - ඕවර 85.1 කදී සියලුදෙනා දැවී ලකුණු 300
(මිනෝද් භානුක 110, මිලින්ද සිරිවර්ධන 24, දසුන් ශානක 38, කවිඳු කුලසේකර 47, ලසිත් ඇඹුල්දෙණිය 89/5, චාමික කරුණාරත්න 40/2, තරිඳු කෞශාල් 69/2)
එන්.සී.සී - දෙවැනි ඉනිම - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී ලකුණු 155
(සඳුන් වීරක්කොඩි 35, ඇන්ජලෝ පෙරේරා 28, තරිඳු කෞශාල් 37, සචිත්‍ර සේනානායක 65/6, ජෙෆ්රි වැන්ඩසේ 30/3)

 

වරාය අධිකාරිය සහ රාගම කණ්ඩායම් අතර කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී

වරාය අධිකාරියට ඉනිමක සහ ලකුණු 42 ක ජයක්

රාගම - පළමු ඉනිම - ඕවර 98 කදී සියලුදෙනා දැවී ලකුණු 269
(උදාර ජයසුන්දර 39, සමින්ද ප්‍රනාන්දු 42, ළහිරු මිලන්ත 37, ළහිරු තිරිමාන්න 52, සමීර ද සොයිසා 22, චතුර පිරීස් 20, චානක කොමසුරු 66/5, මදුක ලියනපතිරණගේ 74/3, චරිත් ජයම්පති 70/2)
වරාය අධිකාරිය - පළමු ඉනිම - ඕවර 154.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 485
(යොහාන් ද සිල්වා 66, නික් කොම්ප්ටන් 62, ගයාන් මනීෂාන් නොදැවී 139, ගිහාන් රූපසිංහ 66, ප්‍රශාන් වික්‍රමසිංහ 22, මදුක් ලියනපතිරණගේ 20, චරිත් ජයම්පත් 62, අමිල අපෝන්සු 82/3, ළහිරු මිලන්ත 11/2, ඉශාන් ජයරත්න 75/2)
රාගම - දෙවැනි ඉනිම - ඕවර 72.4 කදී සියලුදෙනා දැවී ලකුණු 174
(උදාර ජයසුන්දර 21, ළහිරු තිරිමාන්න 40, සමීර ද සොයිසා 20, චතුර පිරීස් 45, මදුක් ලියනපතිරණගේ 85/5, චානක කොමසාරූ 45/4)

 

බී.ආර්.සී සහ සැරසන්ස් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

බී.ආර්.සී පිලට ලකුණු 83 ක ජයක්

බී.ආර්.සී - පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(රුමේෂ් බුද්ධික 21, හෂේන් රාමනායක 30, විකුම් සංජය 34, රනිත ලියනාරච්චි 35/3, මොහොමඞ් ඩිල්ශාඞ් 38/2)
සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 173
(තනුක දාබරේ 30, ගමිඳු අමරසිංහ 51, සචිත්‍ර පෙරේරා 35, සුරාජ් රංදීව් 4/26, තිලකරත්න සම්පත් 31/4, විකුම් සංජය 37/2)
බී.ආර්.සී - දෙවැනි ඉනිම - ඕවර 81.5 කදී සියලුදෙනා දැවී ලකුණු 294
(ලසිත් ලක්ෂාන් 47, දේශාන් ඩයස් 72, හර්ෂ විතාන 45, තිලකරත්න සම්පත් 23, විකුම් සංජය නොදැවී 41, සචිත්‍ර පෙරේරා 87/6, රනිත ලියනාරච්චි 68/2)
සැරසන්ස් - දෙවැනි ඉනිම - ඕවර 64.4 කදී සියලුදෙනා දැවී ලකුණු 206
(තනුක දාබරේ 38, මොහොමඞ් ජලීල් 90, චාමිකර එදිරිසිංහ 69/5, තිලකරත්න සම්පත් 57/4)

 

කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

හලාවත මේරියන්ස් කඩුලු 4 ක ජයක්

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 58 කදී සියලුදෙනා දැවී ලකුණු 169
(පසිඳු ලක්ෂංක 37, සධීර සමරවික්‍රම 28, ප්‍රියමාල් පෙරේරා 23, මාලින්ද පුෂ්පකුමාර 40/5, ඉසුරු උදාන 31/3, අසිත ප්‍රනාන්දු 22/2)
හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 37.5 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(ශෙහාන් ජයසූරිය 50, ඕෂධ ප්‍රනාන්දු 36, චලන ද සිල්වා 22, රුක්ෂාන් ප්‍රනාන්දු 23, ප්‍රභාත් ජයසූරිය 48/6, මොහොමඞ් අලී 30/2, නිසල තාරක 52/2)
කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 76 කදී සියලුදෙනා දැවී ලකුණු 225
(හෂාන් දුමිඳු 57, විශාද් රංදික 35, ප්‍රියමාල් පෙරේරා 27, නිසල තාරක නොදැවී 52, කවීශ්ක අංජුල 26, ඉසුරු උදාන 18/2, සචිත්‍ර සේරසිංහ 29/2, ශෙහාන් ජයසූරිය 51/2, මාලින්ද පුෂ්පකුමාර 59/2)
හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 48.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 234
(ශෙහාන් ජයසූරිය 95, සචිත්‍ර සේරසිංහ 23, කසුන් විදුර 57, මොහොමඞ් අලී 34/2, නිසල තාරක 57/2, ප්‍රභාත් ජයසූරිය 63/2)

 


අදහස් (0)

වරාය අධිකාරිය - එස්.එස්.සී. ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.