Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වයඹ පළාත් බැඩ්මින්ටන් ශූරයා ලෝචන : ශූරිය වරංගනා

වයඹ පළාත් බැඩ්මින්ටන් ශූරයා ලෝචන : ශූරිය වරංගනා

editorial - 2023 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ ‘වයඹ පළාත් විවෘත’ සමස්ත ලංකා බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ලෝචන ද සිල්වාද, කාන්තා ශූරතාව දිනාගැනීමට වරංගනා ජයවර්ධනද සමත් වූහ. 

කුරුණෑගල විජයබාහු රෙජිමේන්තු ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම ශූරතාවලියේදී පිරිමි කේවල සහ මිශ්‍ර යුගල ශූරතා දිනාගැනීමට ලෝචන සමත් වූ අතර කාන්තා කේවල සහ වයස 19 න් පහළ අනු ශූරතා දිනාගැනීමට වරංගනා සමත් වූවාය. 

සමස්ත ලංකා ශේණිගත කිරීමේ තරගාවලියක් ලෙස කනිෂ්ට සහ ජ්‍යෙෂ්ඨ වශයෙන් අංශ දෙකකින් පැවැති මෙම ශූරතාවලියේදී කනිෂ්ට අංශය යටතේ අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ බාලක කේවල, බාලක යුගල, බාලිකා කේවල, බාලිකා යුගල සහ මිශ්‍ර යුගල තරග පැවැත්විණ.  

අවුරුදු 30 න් පහළ, 35 න් පහළ, 40 න් පහළ, 45 න් පහළ, 50 න් පහළ, 55 න් පහළ, 60 න් පහළ සහ 65 න් පහළ වශයෙන් ජ්‍යෙෂ්ඨ අංශය යටතේ පිරිමි කේවල, පිරිමි යුගල සහ මිශ්‍ර යුගල වශයෙන් තරග පැවැත්විණ. 

සියලුම වයස් කාණ්ඩවල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා මුදල් ත්‍යාග, සහතික පත් සමග කුසලාන පිරිනැමීම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. 

තරග ප්‍රතිඵල 

පිරිමි කේවල
ශූරතාව - ලෝචන සිල්වා 
අනු ශූරතාව - ආශිංස හේරත් 

කාන්තා කේවල
ශූරතාව - වාරංගනා ජයවර්ධන
අනු ශූරතාව - රෂ්මි භාග්‍යා 

පිරිමි යුගල 
ශූරතාව - හසිත චානක සහ රොෂාන් පද්මකුමාර
අනු ශූරතාව - මධූක දුලාංජන සහ ආර්.එස්. කසුන්

කාන්තා යුගල 
ශූරතාව - නටාෂා ගුණසේකර සහ රෂ්මි භාග්‍යා 
අනු ශූරතාව - තිසේජා දම්නදී සහ රනුමි සුහස්නි 

මිශ්‍ර යුගල 
ශූරතාව - ලෝචන සිල්වා සහ නදීෂා ගයාත්‍රි 
අනුශූරතාව - ආශිංස හේරත් සහ වරංගනා ජයවර්ධන 

 

-036 


අදහස් (0)

වයඹ පළාත් බැඩ්මින්ටන් ශූරයා ලෝචන : ශූරිය වරංගනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.