Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වයඹ පළාත් බැඩ්මින්ටන් තරග 26 වැනිදා සිට

වයඹ පළාත් බැඩ්මින්ටන් තරග 26 වැනිදා සිට

editorial - 2024 පෙබ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්ෂණය යටතේ වයඹ පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන වයඹ පළාත් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මෙම මස 26 වැනිදා සිට මාර්තු මස 3 වැනිදා දක්වා බෝයගනේ විජයබාහු පාබල සේනා රෙජිමේන්තු ක්‍රීඩා සංකීර්ණයේදී සහ කුරුණෑගල නගරසභා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරිම්වලට ඇතුළත් මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය මෙම මස 26 වැනිදා පැවැත්වෙන අතර මූලික වටයේ තරග 27, 28 සහ 29 යන දිනවලදී පැවැත්වීමට නියමිතය. අර්ධ අවසන් පූර්ව තරග මාර්තු 1 වැනිදාද, අවසන් පූර්ව තරග 2 වැනිදාද පැවැත්වෙන අතර අවසන් මහ තරගය සහ සමාප්ති උලෙල මාර්තු මස 3 වැනිදා පැවැත්වෙනු ඇත. 

මෙම තරගාවලියේදී විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ පළඟ යන කාණ්ඩ යටතේ තරග පැවැත්වෙන අතර කනිෂ්ඨ තරග කාණ්ඩයට අවුරුදු 11 න් පහළ, 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ අවුරුදු 19 න් පහළ බාලක සහ බාලිකා කේවල සහ යුගල ඉසව් ඇතුළත්වේ. 

ජ්‍යෙෂ්ඨ කාණ්ඩයට අවුරුදු 30 න් ඉහළ, 35 න් ඉහළ, 40 න් ඉහළ, 45 න් ඉහළ, 50 න් ඉහළ, 55 න් ඉහළ, 60 න් ඉහළ, 65 න් ඉහළ සහ 70 න් ඉහළ පිරිමි සහ කාන්තා කේවල සහ යුගල ඉසව් ඇතුළත් වේ. පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව්වලින් විවෘත කාණ්ඩය සමන්විත වේ. 

කුසලාන සහ සහතිකපත්වලට අමතරව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් ත්‍යාග වශයෙන් බෙදා දීමට නියමිත මෙම තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස මැක්ෆොයිල්, මොබිල්, ජී.ඒ.සී., ලී නිං සහ 3එම් යන සමාගම් සහ ආයතන කටයුතු කරයි. 

-036 


අදහස් (0)

වයඹ පළාත් බැඩ්මින්ටන් තරග 26 වැනිදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.