Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වයඹ - බස්නාහිර පළාත් ශූරතා දිනති

වයඹ - බස්නාහිර පළාත් ශූරතා දිනති

ශනුක අරවින්ද - 2018 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුලියාපිටිය වයඔ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී සහ දුම්මලසුරිය ජේ.ආර්. ජයවර්ධන විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ එල්ලේ තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට වයඹ පළාත් කණ්ඩායම සමත් විය. එහි කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ බස්නාහිර පළාත් කණ්ඩායම විසිනි.

පිරිමි අවසන් මහ තරගයේදී බස්නාහිර පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 12-11 ක තියුණු ජයක් වාර්තා කරමින් වයඹ පළාත් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ. බස්නාහිර පළාත් ක්‍රීඩිකාවෝ ශූරතාවට හිමිකම් කීවේ කාන්තා අවසන් මහ තරගයේදී ලකුණු 15-14 ක් ලෙස වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් අත්කර ගනිමිනි.

ලකුණු 6-5 ක් ලෙස දකුණු පළාත් කණ්ඩායම පරාජය කළ සබරගමු පළාත් කණ්ඩායම පිරිමි කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගත් අතර ලකුණු 5-4 ක් ලෙස ඌව පළාත් කණ්ඩායම පරාජය කළ දකුණු පළාත් කණ්ඩායම කාන්තා කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය දුම්මලසුරීය ජේ.ආර්. ජයවර්ධන පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස වයඹ පළාතේ සදුන් හංසජිත්ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බස්නාහිර පළාතේ ඩී.සී. අබේසේකරද සම්මාන දිනාගත්හ.

වයඹ පළාත් කණ්ඩායම

 

බස්නාහිර පළාත් කණ්ඩායම

 


අදහස් (0)

වයඹ - බස්නාහිර පළාත් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.