Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වතුපිටිවල පිහිනුම් තටාකය විවෘත කෙරේ

වතුපිටිවල පිහිනුම් තටාකය විවෘත කෙරේ

editorial - 2024 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විවෘත කිරීමෙන් පසුව වසර හතරක්ම ප්‍රයෝජනයට නොගෙන වසා දමා තිබූ ගම්පහ, වතුපිටිවල පිහිනුම් තටාකය නැවත ප්‍රතිසංස්කරණයකින් පසුව විවෘත කිරීම ඉකුත්දා සිදුවිය.

ඒ සමගම එය ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්වලට හා ක්‍රීඩා සමාජවලට සහනදායි මිල ගණන් යටතේ ප්‍රයෝජනයට ගැනීමේ අවස්ථාව සලසා ඇතැයි ක්‍රීඩා අධ්‍යකෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

2019 සැප්තැම්බර් 22 වැනිදා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් විවෘත කෙරුණු මෙම පිහිනුම් තටාකය එතැන් සිට ප්‍රයෝජනයට නොගැනීමෙන් එහි ගෙම්බන් බෝවීමෙන් ජලය දූෂිත වී තිබුණු බවත් එහි ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කළ ෂේමාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

වසර 2019 දී මෙම පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට එවකට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කළ හරින් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරිය සමග සහභාගි වී තිබේ.

එහිදී වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා ලෙසත් කටයුතු කරන හරින් ප්‍රනාන්දු මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් පිහිනුම් තටාකය වහාම යථාතත්ත්වයට පත් කරන ලෙස උපදෙස් ලබාදී තිබේ.


අදහස් (0)

වතුපිටිවල පිහිනුම් තටාකය විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.