Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වත්තල ලයිසියම් අවසන් පූර්ව වටයට

වත්තල ලයිසියම් අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ඊයේ (18 වැනිදා) සමත්විය.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී යාපනය මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 148 කින් පරාජය කිරීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට අවස්ථාව හිමිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 237 ක් රැස්කිරීමට සමත්විය.

ශබීක් ඉස්තාරී (58) අර්ධ ශතකයක් ලබාගත් අතර ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටි ඉමන්ත ප්‍රනාන්දු නොදැවී ලකුණු 46 ක් රැස්කරමින් ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 238 ඉලක්කයක් හඹාගිය යාපනය මධ්‍ය මහා විද්‍යාලයට ඕවර 26.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 89 ක් පමණි.

නොදැවී ලකුණු 24 ක් රැස්කළ එස්.දසෝපන් යාපනය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ඉමන්ත ප්‍රනාන්දු ලකුණු 35 කට කඩුලු 5 ක් දවාගනිමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අවසන් පූර්ව වටය සදහා රැගෙන යාමට සමත්විය. ඉමන්ත ප්‍රනාන්දුට අනගි සහයක් දැක්වූ ජීවිදන් මගේෂ්වරන් ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගත්තේය.

ලයිසියම් පාසල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 237
(ශබීක් ඉස්තාරී 58, ඉමන්ත ප්‍රනාන්දු නොදැවී 46, දිල්ශාන් ජයවර්ධන 38, ජීවිදන් මගේෂ්වරන් නොදැවී 26, කේ.ඉහලරාසන් 50/2)

යාපනය ම.ම. විද්‍යාලය - ඕවර 26.2 කදී සියලුදෙනා දැවී ලකුණු 89
(එස්.දසෝපන් නොදැවී 24, ඉමන්ත ප්‍රනාන්දු 35/5, ජීවිදන් මගේෂ්වරන් 13/3)

 


අදහස් (0)

වත්තල ලයිසියම් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.