විශාඛා - සා. තෝමස් ශූරතා දිනති
කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන පිටියේ පැවති සමස්ත ලංකා පාසල් ටෙනිස් තරගාවලියේ දී ගල්කිස්ස සා. තෝමස් විදුහල සහ කොළඹ විශාඛා විදුහල වයස අවු 20න් පහළ බාලක - බාලිකා ටෙනිස් ශූරතා දිනා ගැනීමට සමත් වූහ.
මෙම තරගාවලියේ අවසන් වටයේදී කොළඹ ආනන්ද විදුහල පරදවා ශා. තෝමස් විදුහල විසින් බාලක ශූරතාව දිනාගන්නා ලදි.
බාලිකා අවසන් තරගයේදී කාන්තා විදුහල පරදවා විශාඛා විදුහල ශූරතාව දිනා ගත්තේය.
තරගවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සාන්ත. තෝමස් විදුහලේ අවින්ද්‍ර පෙරේරා සම්මාන දිනාගත්තේය.
දක්ෂතම ක්‍රීඩිකාව ලෙස විශාඛා විදුහලේ නෙත්මි වඩුගේ සම්මාන දිනාගත්තාය.
තරග ප්‍රතිඵල
වයස අවු 17න් පහළ බාලක
■ ශූරතාව - ශා.පීතර විදුහල බම්බලපිටිය
■ අනු ශූරතාව - ශා. තෝමස් විදුහල ගල්කිස්ස
■ 3 වැනි ස්ථානය - රාජකීය විද්‍යාලය කොළඹ
වයස අවු 20 න් පහළ බාලක
■ ශූරතාව - ශා. තෝමස් විදුහල ගල්කිස්ස
■ අනු ශූරතාව - ආනන්ද විද්‍යාලය කොළඹ
■ 3 වැනි ස්ථානය - ශා.පීතර විදුහල බම්බලපිටිය
වයස අවු 17න් පහළ බාලිකා
■ ශූරතාව - කාන්තා විදුහල කොළඹ
■ අනු ශූරතාව - විශාඛා විදුහල කොළඹ
■ 3 වැනි ස්ථානය - බිෂොප්ස් විදුහල කොළඹ
වයස අවු 20 න් පහළ බාලිකා
■ ශූරතාව - විශාඛා විදුහල කොළඹ
■ අනු ශූරතාව - කාන්තා විදුහල කොළඹ
■ 3 වැනි ස්ථානය - මියුසියස් විදුහල කොළඹ