Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (02 වැනිදා) අවසන්විය. මෙම තරගය මොරටුව ශා. සෙබස්තියන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මොරටුව ශා. සෙබස්තියන් විද්‍යාලයේ මිශේන් සිල්වා ශතකයක් (121) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 132 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.
ශා. සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 72.2 කදී සියලුදෙනා දැවී ලකුණු 327
(මිශේන් සිල්වා 121, නුවනිදු ප්‍රනාන්දු 67, තරූෂ ප්‍රනාන්දු 37, ටෂික් පෙරේරා නොදැවී 33, උමේක්ෂ දිල්ශාන් 62/4, කළන පෙරේරා 73/3, අසෙල් කුළතුංග 51/2)
නාලන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 101.5 කදී කඩුලු 7 දැවී ලකුණු 302
(දසුන් සෙනෙවිරත්න 91, ලක්ෂිත රසාංජන 58, එරංග ජයසිංහ 38, කසුන් සදරුවන් 42, මදුශාන් හසරංග නොදැවී 22, ප්‍රවීන් ජයවික්‍රම 132/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.