Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී මහරගම ජනාධිපති විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 77 ක ජයක් ලබාගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අද (27 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගාල්ල විද්‍යාලෝක විදුහලේ පැතුම් හසරංග (84) සහ සංජු ලක්ෂාන් (82) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මහරගම ජනාධිපති විදුහලේ චන්දීප තරීම් ලකුණු 94 කට කඩුලු හයක් දවාගනිමින් පන්දඅවෙන් දස්කම් දැක්වීය.
ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(සංතුෂ් නිෂාන්ග 24, යොමාල් චතුරංග 23, කුමුදු කිසල් 18/4, නදීර ඉශාන් 15/3, සංජු ලක්ෂාන් 08/2)
විද්‍යාලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 68.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 274
(පැතුම් හසරංග 84, සංජු ලක්ෂාන් 82, ලෝචන ශලංක 36, චන්දීප තරීම් 94/6, පසිඳු ලෝචන 60/2)
ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 106
(සසිදු ලෝචන 33, තප්ත ඉවෝන් 27/4, සංජු ලක්ෂාන් 08/2, ජනිතු කුමාර 25/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.