Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ කුසලාන ශූරතා වටයේ මහනුවර, පල්ලෙකැළේ රග්බි පිටියේදී ඊයේ (28) පැවැති තරගයෙන් ලකුණු 15-12 කින් මහනුවර ත‍්‍රිත්ව විදුහල පරාජය කිරීමට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමත් විය.
ජයග‍්‍රාහි විද්‍යා විද්‍යාලය ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු එකතු කරගත්තේය. ත‍්‍රිත්ව විදුහල ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.
මෙම තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් අතර පළමු අර්ධය අවසන් වන විට ත‍්‍රිත්ව විදුහල ලකුණු 7-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.
විද්‍යා විද්‍යාල ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු 8-7 ක් ලෙස පෙරමුණ ගත්තේය. තරගය අවසන් වීමට ආසන්නව තිබියදී විද්‍යා විද්‍යාලය ගෝලයක් සම්පූර්ණ කිරීම නිසා ජයග‍්‍රහි ලෙස ඉදිරියට පැමිණියේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.