Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලධාරීන්ට විනිසුරුවන් පත්කිරීමට බලයක් නොමැතිවීම නිසා පාසල් රග්බි තරගවලට විනිසුරුවන් යොමු කිරීමට නොහැකි යැයි පාසල් රග්බි සංගමයට දැනුම්දීමෙන් ගැටලූකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
විනිසුරුවන් නොමැති වුවහොත් ලබන සති අන්තයේ පැවැත්වීමට නියමිත පාසල් තරග පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.
ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය සතියේදී ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රග්බි සංගමය ඇතුළු ක‍්‍රීඩා සංගම් 18 ක නිසි බලධාරීයා ලෙස පත්කිරීමත් සමඟ එම සංගම්වල නිලධාරීන්ගේ පරිපාලන බලය අහෝසි වී ගියේය.
රග්බි සංගමයේ උසස් නිලධාරියකු පැවසුවේ මෙම තත්ත්වය හමුවේ තරගවලට විනිසුරුවන් පතිකිරීමේ බලයක් සංගමයේ විනිසුරු කමිටුවට නොමැති හෙයින් ඒ පිළිබ`දව පාසල් සංගමය දැනුම්වත් කළ යුතු බවයි.
මෙම තත්ත්වය පිළිබදව කළ විමසුමකදී පාසල් රග්බි සංගමයේ ලේකම් සුසන්ත මෙන්ඩිස් මහතා පැවසුවේ විනිසුරුවන් පිළිබදව ප‍්‍රශ්න හැකි ඉක්මනින් ක‍්‍රීඩා ඇමතිවරයා හමුවී සාකච්ඡුා කිරීමට බලාපොරොත්තු වන බවයි.
”උසස් පෙ විභාගයට පෙර තරග අවසන් කළ යුතුයි. ඒ නිසා තරගාවලිය කල් දැමීමේ හැකියාවක් නෑ. විනිසුරුවන් ලබා ගැනීම කෙසේ හෝ කළ යුතුයි” යැයි ද සුසන්ත මෙන්ඩිස් මහතා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.