Last Update  :  2025-12-21 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සඳුදා සිට

විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සඳුදා සිට

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය මේ මස 15 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

‘ප‍්‍රීමා සන්රයිස් බ්‍රෙඞ්’ අනුග‍්‍රහයෙන් 7 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය වයස 18 න් පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා විවෘත වේ. එහිදී කාණ්ඩ 3 ක් යටතේ තරග පැවැත්වෙන අතර කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 70 ක් පමණ තරගාවලියට සහභාගි වෙති.

වයස 15 සිට 17 දක්වා වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රන් කාණ්ඩයෙන්ද, වයස 11 සිට 14 දක්වා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රිදී කාණ්ඩයෙන්ද, වයස 11 න් පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ලෝකඩ කාණ්ඩයෙන්ද, තරග වැදීමට නියමිතය.

මෙවර තරගාවලියේදී ලමිඳු රයිනිකා, ඉෂිර ප‍්‍රනාන්දු, ටානියා බාලසූරිය, සත්සර දිල්ෂාන් හිරුණ සිගේරා, ෆ්ලේමර් කල්දේරා, විනෝද් වීරසිංහ, එස්. ෆ්ලෙමින්, එස්. ප‍්‍රවීන්රාජ්, අරුන් අස්ලම්, මහීෂ හිරුෂාන් සහ ටියෙන් කපිලසේන යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ වඩාත් ඉදිරියෙන් සිටිති.

ඉකුත් වසරේ පැවති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සචින් ද සිල්වා සමත්වූ අතර අනුශූරතාව හිමිවූයේ ප‍්‍රශාන් පීරිස්ටය.  

මින් පෙර පැවැති කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලි වලිදී ජය ලැබූ නන්දසේන පෙරේරා සහ අනුර රෝහණ ආසියානු කුසලාන රිදී පදක්කම් දිනාගැනීමටද සමත් වූහ. තවත් කනිෂ්ඨ ගොල්ෆ් ශූරයකු වූ මිතුන් පෙරේරා, ආසියානු පැසිෆික් ගොල්ෆ් ශූරයා බවට පත්විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ලාල් ඩයස් මහතා, සිලෝන් ඇග්‍රෝ ආයතනයේ සාමාන්‍යාධිකාරි ශුන් ටයින් ශිං මහතා අතින් තරගාවලියේ අනුග‍්‍රාහක චෙක්පත ලබාගත් අයුරු... එම සංගමයේ උප සභාපති සහ කමිටු සමාජික පි‍්‍රයාත් ප‍්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර කළමණාකරු සජිත් ගුණරත්න සහ මයිකල් මාගල යන මහත්වරුන්ද මෙහි වෙති.  


ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සඳුදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.