ජනසතු සේවා කැරම් සංගමය විසින් සංවිධානය කරනල 9 වන වර්ණ රාති‍්‍රය පසුගිය 10 වැනිදා ‘සීනෝර්’ හෝටලයේදී පවත්වනු ලැබීය. එහිදී 2012 වසරේ දක්‍ෂතම කැරම් කී‍්‍රඩකයා ලෙස ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ විරාජ් ප‍්‍රනාන්දු සහ දක්‍ෂතම කැරම් කී‍්‍රඩිකාව ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ ආර්.කේ. යෂිකා රාහුබද්ධද සම්මාන දිනාගත්හ.
2013 වසරේ දක්‍ෂතම කැරම් කි‍්‍රඩකයා ලෙස ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ ඩබ්ලිව්.කේ. ලලිත් හේවගේ සහ දක්‍ෂතම කැරම් කී‍්‍රඩිකාව ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉනෝකා අතපත්තුද සම්මාන ලබා ගැනීමට සමත් වූහ.
ජනසතු සේවා කැරම් සංගමය මගින් 2012, 2013 වසරවල පවත්වන ලද කැරම් ශූරතා තරග වලින් ජයග‍්‍රහණ අත්කරගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 149 දෙනෙක් සම්මාන හා සහතික ලබාගත් අතර, දක්‍ෂතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 15 දෙනෙක් වර්ණ දිනා ගැනීමට සමත් වූහ. මීට අමතරව අන්තර් සමාජ කැරම් ශූරතා තරග වලින් ජයග‍්‍රහණ හිමිකරගත් කණ්ඩායම් වෙනුවෙන් ජනසතු සේවා ආයතන 10 ක් ද සම්මාන ලැබීය.
වසර 07 කට අධික කාලයක් ජනසතු සේවා කැරම් සංගමයේ ප‍්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කළ මහජන බැංකුවේ සුනන්ද කෝදාගොඩ මහතාට සහ හිටපු භාණ්ඩාගාරික මහජන බැංකුවේ නිහාල් පේ‍්‍රමසිරි මහතාට ජනසතු සේවා කැරම් සංගමයේ උපහාර පිරිනැමීමද එදින සිදුවිය.
උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස කී‍්‍රඩා අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් (කී‍්‍රඩා) රංජනී ජයකොඩි මහත්මිය සහභාගී වූ අතර, මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී එස්.බී.එන්. පෙරේරා, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපති නිහාල් රූපසිංහ, ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ බන්දුල සමන් කුමාර, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික විමල් ජයවර්ධන, මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිනී (අලෙවිකරණ හා මහජන සම්බන්ධතා) යුගානී මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු ඇතුළු ජනසතු සේවා ආයතන ප‍්‍රධානීන් හා සම්භාවනීය අමුත්තන් රැුසක්ද කැරම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විශාල පිරිසක්ද මෙවර වර්ණ රාති‍්‍රය සඳහා සහභාගී වූහ.
ජනසතු සේවා කැරම් සංගමයේ 9 වන වර්ණ රාති‍්‍රය සඳහා මහජන බැංකුව පූර්ණ අනුග‍්‍රහය දක්වන ලද අතර, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සම අනුග‍්‍රාහකත්වය දක්වන ලදී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.