Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වි.20 ශූරයන්ගේ තරග සැප්තැම්බර් 13 දා සිට

වි.20 ශූරයන්ගේ තරග සැප්තැම්බර් 13 දා සිට

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ශූරයන්ගේ ලීග් තරගාවලියේ හය වැනි අදියර සැප්තැම්බර් මස 13 වැනිදා සිට ඔක්තෝම්බර් මස 4 වැනිදා දක්වා ඉන්දියාවේ මොහාලි, බැංගලෝර්, හයිද්‍රාබාද් සහ රායිපූර් ක‍්‍රීඩාංගණ වලදී පැවැත්වේ.  

එහිදී මේ වසරේ පැවැති ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ ශූරතාව දිනාගත් කොල්කටා නයිට්රයිඩර්ස් පිල සහ 2010 වසරේ විස්සයි20 ශූරයන්ගේ ලීග් තරගාවලියේ ශූරතාව දිනාගත් චෙන්නායි සුපර්කිංග්ස් පිල, මෙවර විස්සයි20 ශූරයන්ගේ ලීග් තරගාවලිය ආරම්භ කරමින් සැප්තැම්බර් මස 17 වැනිදා හයිද්‍රාබාද්හිදී තරග බිමට පිවිසීමට නියමිතය.

තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ අදියර සැප්තැම්බර් මස 13 වැනිදා සිට 16 වැනිදා දක්වා රායිපූර්හිදී පැවැත්වේ.

ඉකුත් වසරේ පැවැති තරගාවලියට මෙන්ම මේ වසරේ තරගාවලියටද කණ්ඩායම් කණ්ඩායම් 12 ක් සහභාගීවන අතර ඊට ඉන්දියාව නියෝජනය කරමින් කණ්ඩායම් 4 ක්ද,  ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව නියෝජනය කරමින් කණ්ඩායම් 2 බැගින්ද, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය දූපත් සහ නවසීලන්තය නියෝජනය කරමින් කණ්ඩායමක් බැගින්ද ඇතුළත්ව සිටිති.

මෙවර තරගාවලියේ ජයග‍්‍රාහකයන් අතරේ බෙදාදීමට නියමිත ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 6 කි.


- 036


අදහස් (0)

වි.20 ශූරයන්ගේ තරග සැප්තැම්බර් 13 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.