Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විලියම්සන් - නීෂම් නවසීලන්ත පිල ඔසවා තබති

විලියම්සන් - නීෂම් නවසීලන්ත පිල ඔසවා තබති

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ජැමෙයිකාවේ සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවූ ඊයේ (9 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා සිටියේය.

දෙවැනි දිනයේ තරගය නතර කරන විට කි‍්‍රස් ගේල් සහ කිරන් පවෙල් පිළිවෙළින් ලකුණු 8 ක් සහ 11 බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදීසිටියහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 508 ක් ලබා සිටියදී ඉනිම අත්හටුවා බටහිර ඉන්දීය කොදෙව් පිිලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය

මෙම තරගයේදී තම ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 6 වැනි ශතකය රැස්කල කේන් විලියම්සන් (113), එය හතරේ පහර 11 කින් අලංකාර කළේය. ඔහුට එම ඉනිම ගොඩ නැගීම සඳහා වැයවූ පන්දු ගණන 263 කි.

තරගයේදී වාර්තා වූ දෙවැනි ශතකයට හිමිකම් කීමට ජේම්ස් නීෂම් (107) සමත්වූ අතර ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් ඇතුළත්විය.

ටොම් ලේතම් (83), රොස් ටේලර් (55) සහ ජෝන් වෙට්ලින් (89) නවසීලන්ත පිල වෙනුවෙන් මෙම තරගයේදී අර්ධ ශතක ලබාගත්හ.

මෙය බටහිර ඉන්දීය කොදෙව් පිලේ සුපිරි පිතකරු කි‍්‍රස් ගේල්ගේ 100 වැනි ටෙස්ට් තරගය වන අතර දිනේෂ් රැම්ඩින් නායකත්වය දරන පළමු තරගයද වේ.

නවසීලන්තය පිල පළමු ඉනිම - ඕවර 174.3 කදී කඩුලූ 7 කට 508
(ටොම් ලැතම් 83, කේන් විලියම්සන් 113, රොස් ටේලර් 55, ජිමී නීෂම් 107, ජෝන් වෙට්ලින් 107ටමි සවුති නොදැවී 21, සුලීමන් බෙන් 142/3, ෂේන් සීලින්ෆෝඞ් 145/3)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - ඕවර 9 කදී කිසිවකු නොදැවී 19

- 036


අදහස් (0)

විලියම්සන් - නීෂම් නවසීලන්ත පිල ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.