නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ජැමෙයිකාවේ සබීනා පාර්ක් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයවූ ඊයේ (8 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්තය කඩුලූ 2 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටියේය.
පළමු දිනයේ තරගය නතර කරන විට කේන් විලියම්සන් සහ රොස් ටේලර් පිළිවෙළින් ලකුණු 105 ක් සහ 34 බැගින් ලබා නොදැවී කඩුල්ලේ රැදීසිටියහ.
මෙම තරගයේදී තම ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 6 වැනි ශතකය රැස්කල කේන් විලියම්සන්, එය හතරේ පහර 11 කින් අලංකාර කළේය. ඔහුට එම ඉනිම ගොඩ නැගීම සඳහා වැයවූ පන්දු ගණන 263 කි.
නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරු ටොම් ලැතම් ලකුණු 83 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී ෂේන් ශීලිංෆෝඞ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
මෙය බටහිර ඉන්දීය කොදෙව් පිලේ සුපිරි පිතකරු කි‍්‍රස් ගේල්ගේ 100 වැනි ටෙස්ට් තරගය වන අතර දිනේෂ් රැුම්ඩින් නායකත්වය දරන පළමු තරගයද වේ.
නවසීලන්තය පිල පළමු ඉනිම - ඕවර 92 කදී කඩුලූ 2 කට 240
(ටොම් ලැතම් 83, කේන් විලියම්සන් නොදැවී 105, රොස් ටේලර් නොදැවී 34)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.