පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති 31 වැනි වින්සන් හූල් අනුස්මරණ කුසලාන එක්දින තරගයේදී ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට ධර්මරාජ විදුහල සමත් විය.
කාසියේ වාසිය දිනා ගත් කිංග්ස්වුඞ් නායකයා පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ධර්මරාජ පිලට ආරාධනා කළේය. ධර්මරාජ පිතිකරුවන් අන්දමන්ද කළ කිංග්ස්වුඞ් පන්දු යවන්නෝ ප්‍රතිවාදී පිලේ සියලු දෙනා ලකුණු 111 කට දවා ගැනීමට සමත්වූහ.
ලකුණු 112 ක පහසු ඉලක්කයක් හඹා යාමට පැමිණි කිංග්ස්වුඞ් පිතිකරුවන්ට සිදුවූයේ ඊට නොදෙවනි පන්දු යැවීමකට මුහුණ දීමටය. ධර්මරාජ පන්දු යැවීම හමුවේ කිංග්ස්වුඞ් පිතිකරුවෝ සියලු දෙනා ලකුණු 83 කට දැවී ගියහ.
ධර්මරාජ නායක සචිත්‍ර සේනානායක ලකුණු 36 ක් වාර්තා කිරීමට සමත් වූ අතර කිංග්ස්වුඞ් නායක දීඝායු බණ්ඩාර දක්ෂ පන්දුයැවීමක නිරත වෙමින් ලකුණු 22 කටකඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.
ධර්මරාජ විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ උපේන්ද්‍ර වර්ණකුලසූරිය ලකුණු 9 කට ප්‍රතිවාදී කඩුලු 3 ක් බිඳ දැමීමට සමත් විය.
ධර්මරාජ විදුහල - ඕවර 36.1 කදී සියලු දෙනා දැවී 111 යි
(සචිත්‍ර සේනානායක 36 , දුලාජ් බණ්ඩාර 23, දීඝායු බණ්ඩාර 22/3, දේවින්ද දිසානායක 17/3)
කිංග්ස්වුඞ් විදුහල - ඕවර 36.2 කදී සියලු දෙනා දැවී 83 යි
(දුමිඳු දස්මික 15, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 09/3, මිතිල ගයාෂාන් 27/2, විරාජිත ඇහැලේපොළ 20/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.