ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබාසිටින ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම අද (21) අවසන් වන බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම වෙනුවෙන් පත්කර ඇති නිලවරණ කමිටුව මේ වන විට ඡන්ද හිමි නාමලේඛණයක් සකස් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා සමාජවලට දැනුම්දී තිබේ.
ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසුවේ හෙට (20) පස්වරුව දක්වා එකම විරෝධතාවක් හෝ ලැබී නොතිබුණු බවයි.
“තව දවසක් තියෙනවා. ඇතැම් විට විරෝධතා ඉදිරිපත් වෙයි. එසේ වුවහොත් අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරනවා”
“අපි මේ මස 26 වැනිදා වන විට අවසන් ඡන්ද හිමි නාමලේඛණය සකස් කරලා ක්‍රීඩා සමාජවලට යොමු කරනවා. ඒත් සමඟම නාමයෝජනා කැඳවීමත් කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.