Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝචන - රනිත්මා ශූරතා දිනති
උතුරු මැද පළාත් බැඩ්මින්ටන් තරගාවලිය

ලෝචන - රනිත්මා ශූරතා දිනති

editorial - 2023 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ලෝචන ද සිල්වාත්, කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට රනිත්මා ලියනගේත් සමත් වූහ.

අනුරාධපුර, පළාත් ගෘහස්ත ක්‍රීඩාංණයේදී සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාංණයේදී දින 7 ක් පුරා පැවැති මෙම තරගාවලියේදී රොෂාන් පද්මකුමාර පරාජය කරමින් ලෝචන පිරිමි කේවල ශූරතාව දිනා ගත් අතර රනිත්මා කාන්තා කේවල ශූරතාව දිනාගත්තේ රශ්මි භාග්‍යා පරාජය කරමිනි.

ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු පරාජය කරමින් පිරිමි යුගල ශූරතාව දිනා ගැනීමට මධුක දුලාංජන සහ ළහිරු වීරසිංහ සමත් වූ අතර ඉරූෂි අමන්දි සහ ප්‍රවීණා විජේසුන්දර පරාජය කරමින් කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට අනුරංගි හංසමාලි සහ සුහස්නි විදානගේ සමත් වූහ. තරගාවලියේ මිශ්‍ර යුගල ශූරතාව දිනාගනු ලැබුවේ මධුක දුලාංජන සහ නදීෂා ගයත්‍රී විසිනි.


විවෘත පිරිමි කේවල
ශූරතාව - ලෝචන ද සිල්වා  
අනු ශූරතාව - රොෂාන් පද්මකුමාර

විවෘත කාන්තා කේවල
ශූරතාව - රනිත්මා ලියනගේ
අනු ශූරතාව - රශ්මි භාග්‍යා

විවෘත පිරිමි යුගල
ශූරතාව -  මධුක දුලාංජන සහ ළහිරු වීරසිංහ
අනු ශූරතාව - ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරුගේ


විවෘත කාන්තා යුගල
ශූරතාව - අනුරංගි හංසමාලි සහ සුහස්නි විදානගේ
අනු ශූරතාව - ඉරූෂි අමන්දි සහ ප්‍රවීණා විජේසුන්දර

විවෘත මිශ්‍ර යුගල
ශූරතාව - මධුක දුලාංජන සහ නදීෂා ගයත්‍රී
අනු ශූරතාව - මාර්සිලෝ වයිටෝරියන් සහ රේණු චන්ද්‍රිකා ද සිල්වා


අදහස් (0)

ලෝචන - රනිත්මා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.