Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක ශූරතා සහාය දිවීමේ කණ්ඩායමත් තේරීම් තරගාවලියට කැඳවයි

ලෝක ශූරතා සහාය දිවීමේ කණ්ඩායමත් තේරීම් තරගාවලියට කැඳවයි

editorial - 2024 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තායිලන්තයේ බැංකොක් නුවර දී ලබන මයි 20-21 දෙදින පැවැත්වෙන පළමු ආසියානු සහය දිවීමේ ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහය දිවීමේ කණ්ඩායම් නිර්දේශ කර ගැනේ. එම අපේක්ෂාවෙන් මීටර 100 හා මීටර 400 යන කාන්තා හා පිරිමි ඉසව් දෙකෙන් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 36 දෙනෙකු අප්‍රේල් 10 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන විශේෂ තේරීම තරගාවලියකට කැඳවා තිබේ.

ආසියානු සහය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් ඉදිරිපත් කිරීමේ මුඛ්‍ය අරමුණ එළඹෙන පැරිස් (2024) ඔලිම්පික් උළෙලට සහය දිවීමේ කණ්ඩායම් නිර්දේශ කර ගැනීමේ උත්සවය සාර්ථකකර ගැනීමට වෙර දැරීමය.

මෙම උත්සාහය ලබන මැයි 4-5 දිනවල බහමාස් හිදී පැවැත්වීමට ලෝක සහය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගීවීමට ගෙන තිබෙන තීරණයකට අමතරව ඒ සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය දැනටමත් මීටර 4x400 (පිරිමි) ශ්‍රී ලංකා සහයදිවීමේ කණ්ඩායම නිර්දේශ කර අවසන් ය. ඊට ඇතුළත් ක්‍රීඩකයන් පස්දෙනාද මෙම තේරීම් තරගාවලියට කැඳවා තිබේ.

‘බහමාස්’ ලෝක ශූරතා තරගාවලියේ සහභාගීත්වයෙන් ඉවත්වූ ආසියානු රන් පදක්කම්ලාභී මලල ක්‍රීඩිකා 20 හැවිරිදි තරුෂි දිල්සරා කරුණාරත්න ද මෙලෙස දියගම තේරීම් තරග සඳහා කැඳවීම් ලබා සිටින ක්‍රීඩිකාවකි.

ප්‍රංශයේ පැරිස් නුවර දී ලබන ජූලි 26 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා දක්වා පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලට මලල ක්‍රීඩාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර ගැනීම ලබන ජුනි 30 වැනිදා අවසන් වේ.

වසර 2000  (සිඩ්නි) ඔලිම්පික් උළෙලෙන් පසුව ශ්‍රී ලංකා ඔලිම්පික් උළෙලක් සඳහා සහාය දිවීමේ කණ්ඩායමක් සහභාගී කිරීමට අපොහොසත්ය. වසර 2000 (සිඩ්නි) අවසන් අවස්ථාවේ දී ශ්‍රී ලංකාව මීටර් 4x100 (කාන්තා) හා මීටර් 4x400 (පිරිමි) යන ඉසව් දෙකෙන්ම කණ්ඩායම් දෙකක් නිර්දේශකර ගැනීමට සමත්ව තිබේ.

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා මලල ක්‍රීඩා සහය දිවීමේ ඉසව් වලදී එකකින් කණ්ඩායම් 16 ක් බැගින් නිර්දේශ කර ගැනේ. ඒ සඳහා කණ්ඩායම් නිර්දේශ කර ගැනීම එළඹෙන බහමාස් ලෝක ශූරතා සහයදිවීමේ තරගාවලියේ දී සිදුකෙරේ. එහිදී එක් සහය දිවීමේ ඉසව්වකට කණ්ඩායම් 14 බැගින් නිර්දේශ කර ගන්නා අතර ඉතිරි කණ්ඩායම් දෙක බැගින් නිර්දේශ කර ගැනීම විවෘතව තබා ගනිමින් පසුවට සිදු කෙරේ.

දියගමදී අප්‍රේල් 10 වැනිදා පැවැත්වෙන විශේෂ සහය දිවීමේ තේරීම් තරගාවලියට කැඳවීම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය.

 

මීටර් 4x100

(කාන්තා) - අමාෂා සිල්වා (යුද හමුදා), රුමේෂිකා රත්නායක (ශ්‍රී ලක්), මේධානි ජයමාන්න (යුද හමුදාව), ෂාෆියා යමික් (යුද හමුදාව), අනුරුද්ධිකා මුතුකුමාරණ (යුද හමුදාව), ලක්ෂිකා සුගන්ධි (යුද හමුදාව) දිනාරා බණ්ඩාර …ඩෙලා, …ෂෙනල්ලා  සෙනවිරත්න (ගේට්වේ), එච්.ආර්. රණසිංහ (යුද හමුදා)

(පිරිමි) - චමෝද්  යෝධසිංහ (යුද හමුදා), ආර්.පී.​ෙක්.එම්. චතුරංග (ආනන්ද විදුහල), චලිත් පියුමාල් (යුද හමුදාව), ඩී.පී.එච්. ගම්ලත් (යුද හමුදාව), දිනෙත් සේනානායක (යුද හමුදාව), අජිත් ප්‍රේමකුමාර (යුද හමුදාව), දිනෙත් ඉඳුවර (ලීඩ්ස් ජාත්‍යන්තර පාසල)

 

මීටර් 4x400 -

(කාන්තා) - සයුරි මෙන්ඩිස් (නාවික හමුදාව), ෂානිකා ලක්ෂිණී (යුද හමුදාව), තක්ෂිමා නුහෙන්සා (මාතර), ජිත්මා විජේතුංග (වත්තල ලයිසියම්) ඩබ්.එච්.එම්. ප්‍රනාන්දු (නාවික හමුදාව), තිෂේන්ද්‍රා ප්‍රනාන්දු (ගුවන් හමුදාව), තරුෂි කරුණාරත්න (වලල මැදි විදුහල), රුමේෂිකා රත්නායක (ශ්‍රී ලක්)

(පිරිමි) - පසිඳු කොඩිකාර (යුද හමුදාව), දිනුක දේෂාන් (යුද හමුදාව), පබසර නිකූ (යුද හමුදාව), රාජිත රාජකරුණා (යුද හමුදාව), හර්ෂ කරුණාරත්න (යුද හමුදාව), ඉෂාන් මධුරංග (යුද හමුදාව), ඉසුරු ලක්ෂාන් (යුද හමුදාව), ඉසුරු අබේවර්ධන (යුද හමුදාව) හා ජත්ය කිරුළු (ගාල්ල මහින්ද විදුහල).


අදහස් (0)

ලෝක ශූරතා සහාය දිවීමේ කණ්ඩායමත් තේරීම් තරගාවලියට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.