Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක කුසලාන දැල්පන්දු කණ්ඩායම තෝරයි

ලෝක කුසලාන දැල්පන්දු කණ්ඩායම තෝරයි

Dilrukshi - 2015 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අගෝස්තු මස 1 වැනිදා සිට 16 වැනිදා දක්වා  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට කී‍්‍රඩා ඇමති නවීන් දිසානායක මහතා අනුමැතිය දී තිබේ.

කණ්ඩායමේ කළමණාකාරිනිය ලෙස ඔලිවියා ගමගේ මහත්මිය කටයුතු කරන අතර පුහුණුකාරිනිය ලෙස දීප්ති අල්විස් මහත්මිය කටයුතු කරන්නීය. තමාරා ලියනගේ මහත්මිය අතිරේක පුහුණුකාරිණිය ලෙස කටයුතු කරන අතර කණ්ඩායමේ වෛද්‍යවරයා වශයෙන් වෛද්‍ය ලාල් ඒකනායක මහතා ලෝක කුසලාන තරගාවලියට එක්වෙයි. පී. ඞී. ඞී. එන් ප‍්‍රසාදි මිය නිලධාරිනියක ලෙසින් කණ්ඩායමට එක්වන්නීය.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම

තිසලා අල්ගම, දර්ශිකා ලක්මාලි අබේවික‍්‍රම, හසිතා ලක්මාලි මෙන්ඩිස්, සේමිණි අල්විස්, එච්. කේ. ජී. ජී. අමරවංශ, තිලිණි වත්තෙගෙදර, යු. ජී .සුරේකා කුමාරි, නිරෝෂා ෆායිවා, දීපිකා දර්ශනී අබේකෝන්, සී. එස්. ඩබ්ලිව් ජයසුරිය, ගයානි දිසානායක, පී. ඒ. විරාජි චමරිකා

අතිරේක ක‍්‍රීඩිකාවෝ :

ජේ. කේ. කේ. ජයවීර, පී. අස්විනි සහ විනිජා පරම්ලිංගම්

 

 


අදහස් (0)

ලෝක කුසලාන දැල්පන්දු කණ්ඩායම තෝරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.