Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක කුසලාන තරගාවලියේ අමීර්ට ඉඩක් නෑ

ලෝක කුසලාන තරගාවලියේ අමීර්ට ඉඩක් නෑ

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

තරග පාවාදීම් සම්බන්ධව ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග තහනමකට ලක්ව සිටි වමත් වේග පන්දු යවන්නකු වන මොහොමඞ් අමීර්ට එළැඹෙන (2015) ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී පකිස්තාන් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසට පකිසතාන් ක‍්‍රිකට් ආයතනය කළ ඉල්ලීම ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

2010 වසරේ අගෝස්තු මාසයේ එංගලන්තය සමග පැවැති ටෙස්ට් තරගයකදී තරග පාවාදීම් සිද්ධියකට වරදකරුවූ මොහොමඞ් අමීර්ට වසර පහක තරග  තහනමක් පැනවූ අතර එය ලබන 2015 සැප්තැම්බර් මස 3 වැනිදා තෙක් ක‍්‍රියාත්මක වේ. එහෙත් ඔහුගේ තහනම නිම වීමට මාස කිහිපයක් තිබියදී යළිත් පකිස්තාන් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස පකිස්තාන් ක‍්‍රිකට් සභාපති නජාම් සෙත්ති මහතා විසින් අයි.සී.සී. විධායක කමිටුවෙන් කරන ලද ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප වී තිබේ.

මේ සම්බන්ධව මොහොමඞ් අමීර් පවසා ඇත්තේ, ‘‘මම ලෝක කුසලානය ක‍්‍රීඩා කරන්න බලාගෙන ඉන්නෙ නැහැ. මගේ සිදුවීම සම්බන්ධයෙන් පකිස්තාන් ක‍්‍රිකට් ආයතනය  මැදිහත් වෙලා ඉන්න ආකාරය ඉතාම සතුටුයි. ඒත් මගේ තහනම තවම කි‍්‍රයාත්මක වුවත් මට අවසරය ලැබුණොත්  ඕනෑම වෙලාවක පුහුණුවීම් හෝ ක‍්‍රීඩා කරන්න මම ලෑස්තියි.’’ යනුවෙනි.

2010 වසරේ පකිස්තාන් ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයාව සිටි සල්මන් බට් සහ මොහොමඞ් අසීෆ්ද අදාළ තරගයේදී අමීර් සමග තරග තහනමකට ලක්විය. තරග ඔට්ටු අල්ලන් විසින් නියම කරන ලද පන්දුවක් නිපන්දුවක් වශයෙන් යැවීම හේතුවෙන් අමීර් වැරදිකරු බවට පත්විය.

මේ වන විට 22 වැනි වියේ පසුවන අමීර් පකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 14 කදී කඩුලූ 51 ක් සහ එක්දින තරග 15 කදී කඩුලූ 25 ක් දවා ගෙන තිබේ.

033


අදහස් (1)

ලෝක කුසලාන තරගාවලියේ අමීර්ට ඉඩක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.