Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක

ලෝක ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක

රොෂාන් ගුණරත්න - 2017 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය තුළ වසර නවයකට ආසන්න කාළයක් පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් නියගයට තිත තබමින් ලෝක ක්‍රිකට් කණ්ඩායම සමගින් ලාහෝර්හිදී විස්සයි20 තරගාවලියක් පැවැත්විමට පන්ජාබ් රජය අනුමැතිය ලබාදී ඇති බව පාකිස්තාන් ක්‍රිකට් ආයතනය තහවුරු කළේය.


ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ එක් තරගයක් ලාහෝර්හිදී පැවැත්වෙන අතර එම තරගය සාර්ථකව නිමා කිරීමට හැකිවුවහොත් නොවැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලත් සමගින් විස්සයි20 තරගාවලියක් ලාහෝර්හිදී පැවැත්විමට කටයුතු යොදා ඇත.


2009 මාර්තු මාසයෙන් පසුව කෙටි තරගාවලියක් සදහා සිම්බාබ්වේ කණ්ඩායමත්, පාකිස්තාන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා විදේශීය ක්‍රීඩකයින් කිහිපදෙනෙකු පමණක් සහභාගීවූ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නව සභාපති නජාම් සෙතී මහතා ලාහෝර්හිදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.


ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වල ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ලෝක ක්‍රිකට් කණ්ඩායමට තරගාවලිය පැවැත්වෙන කාළය තුළදී එරට ජනාධිපතිට ලබාදෙන ආකාරයේ ආරක්ෂාවක් ලබාදිමට පංජාබ් රජය පොරොන්දුවී ඇත. ලාහෝර් වලට යෑමට ප්‍රථම ඩුබායිහිදී දවස් 7 ක පුහුණු කඳවුරක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර කණ්ඩායමේ නායකයා සහ පුහුණුකරු වශයෙන් ඇන්ඩි ෆ්ලවර් පත්කර ඇත.


තරගාවලිය සැප්තැම්බර් 10 ආරම්භවන අතර තරගාවලියේ ආරක්ෂාව සහතික කිරීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ ආරක්ෂක කණ්ඩායමක් අගෝස්තු මස 26 සහ 27 දෙදින තුළ ලාහෝර් බලා පිටත්ව යෑමට නියමිතව ඇත.


“මේක ගොඩාක් වැදගත් කාරණයක්” යැයි සේතී මහතා පැවසිය. “ සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් ගොඩක් වැදගත් මාස. ඒක ලොකු වැඩසටහනක්, ඔබගේ ප්‍රාර්ථනාවන් අපිට අවශ්‍යයි. අපේ රටට පැමිණෙන්න ජාත්‍යන්තර කණ්ඩායම් සදහා අපි දොරවල් විවෘත කරනවා. අපේ ආරක්ෂාව ශක්තිමත්ව පවත්වා ගැනීමට ප්‍රාර්ථනා කරන්න.


පැය 72 ක් ඇතුළත ලෝක ක්‍රිකට් කණ්ඩායම සදහා සහභාගීවන ක්‍රීඩකයින්ගේ නාම ලේඛණය නිවේදනය කරන බව සේතී මහතා පැවසීය.


අදහස් (0)

ලෝක ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.