Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලොව වේගවත්ම ක්‍රීඩකයා විවේක ගනී

ලොව වේගවත්ම ක්‍රීඩකයා විවේක ගනී

editorial - 2021 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලබන වසර තෙක් තමා නැවතත් තරඟ නොවදින බව ටොකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ජයගනිමින් ලොව වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වූ ඉතාලියේ මාර්සෙල් ජේකබ්ස් පවසයි.

යළිත් තරග වදින‍්නේ කවදාදැයි සමාජ මාධ්‍ය ඔස්සේ යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දෙමින් 26 හැවිරිදි ජෙකබ්ස් කියා සිටියේ ප්‍රශ්නයට පිළිතුර 2022 බවය.
 
කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි ටොකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්ව ජයගත් ජෙකබ්ස්, ඉන් දින කිහිපයකට පසුව සිය රටට මීටර් 100X4 ඉසව්වේ රන් පදක්කම දිනා දීම සඳහාද අනගි මෙහෙවරක් කළේය.
 
ජෙකබ්ස්ගේ කළමනාකරු මාර්සෙලෝ මැග්නානි මහතා කියා සිටියේ විවේකයක් ගැනීමට ගත් තීරණය ආබාධ තත්ත්වයක් නොවන බවත්, එය ආබාධ තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ගත් පියවරක් බවත්ය.

"මේ වසරේදී මාර්සෙල් බොහෝ දුරට වෙහෙස වෙලා තියෙනවා. ඒ නිසා ඔහුට විවේකයක් අවශ්‍යයි. දිගින් දිගටම වෙහෙස වීමෙන් වෙන්නේ ඔහු ආබාධයකට ගොදුරු වෙන එක." යැයි මැග්නානි මහතා පැවසීය.

2018 වසරේදී දුර පැනීමේ ඉසව්වෙන් ඉවත් වූ ජෙකබ්ස් ඉන් අනතුරුව යූරොපීය ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 60 ඉසව්වේ ශූරයා බවටද පත්විය. ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තත්ත්පර 9.80 ක කාලයක් වාර්තා කරමින් මීටර් 100 රන් පදක්කම දිනාගත් ඔහු, පළමු වරට තත්ත්පර 10 කට පෙර මීටර් 100 අවසන් කළේ මේ වසරේ මැයි මාසයේදීය.
 
ඇමරිකාවේදී ආරම්භ වීමට නියමිත ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ජෙකබ්ස් මීළගට තරග වැදීමට සූදානමින් සිටියේය. මේ මස 21 වැනිදා, සැප්තැම්බර් මස 3 වැනිදා සහ 9 වැනිදා ඔහු තරග බිමට පිවිසීමට නියමිතව සිටියද විවේක ගැනීමට ගත් තීරණයත් සමග එය සිදුනොවනු ඇත.

- 036


අදහස් (0)

ලොව වේගවත්ම ක්‍රීඩකයා විවේක ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.