Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබාගැනීමට මීගමුව ලොයෝලා විද්‍යාලය අද (07 වැනිදා) සමත්විය. මෙම තරගය සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මීගමුව ලොයෝලා විද්‍යාලයේ ශෆාන් අහ්මඞ් (58) අර්ධ ශතකයක් ලබාගත් අතර තුෂාන් තරුෂික ලකුණු 40 කට කඩුලු 6 ක් සහ දිනිඳු මදුශාන් ලකුණු 68 කට කඩුලු 6 ක් දවාගනිමින් තරගයපුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
සඳලංකාව ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 28 කදී සියලුදෙනා දැවී ලකුණු 65
(බිනෝද් චතුරංග 26, දිනිඳු මදුශාන් 41/4, තුෂාන් තරුෂික 09/3)
ලොයෝලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63.2 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 181
(ශෆාන් අහ්මඞ් 58, ශොන් රොඞ්රිගූ 28, ලක්ෂිත ඩිල්ෂාන් 25, බිනෝද් චතුරංග 57/7)
සඳලංකාව ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 116
(බිනෝද් චතුරංග 33, හිරූෂ ඒෂාන් 24, සමිඳු නෝනිස් 29/4, තුෂාන් තරුෂික 31/3, දිනිඳු මදුශාන් 27/2)
ලොයෝලා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 0.1 කදී කිසිවකු නොදැවී ලකුණු 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.