Last Update  :  2025-11-02 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලොයෙලා විදුහලට මුල් ඉනිමේ ජයක්

ලොයෙලා විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව ලොයෙලා විදුහල සහ නුගවෙල මැදි විදුහල අතර ගලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ලොයෙලා විදුහල සමත් විය.

එහිදී හංසජ විෂ්වජිත් (88), ස්ටෙෆාන් ප්‍රනාන්දුපුල්ලේ (නොදැවී 80) සහ අෂේන් මලීෂ (70) ලොයෙලා විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම නෙත්ම හිමරංග ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගත්තේය.


ලොයෙලා විදුහල - පළමු ඉනිම - ඕවර 63.5 කදී කඩුලු 7 ක් දැවී 301
(හංසජ විෂ්වජිත් 88, ස්ටෙෆාන් ප්‍රනාන්දුපුල්ලේ නොදැවී 80, අෂේන් මලීෂ 70, කවීන් අමරතුංග 30/2, කවීෂ හපුගොඩ 65/2, ප්‍රමෝද් දොඩන්තැන්න 47/2)

නුගවෙල මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 40.4 කදී සියලු දෙනා දැවී 176
(අමිඳු දිල්සර 35, ජනිත් ජයවර්ධන 48, නෙත්ම හිමරංග 30/4, කවිඳු කවීෂ 59/2, හංසජ විෂ්වජිත් 32/2, සමීන් නෝනිස් 26/2)

ලොයෙලා විදුහල - දෙවැනි ඉනිම - ඕවර 9 කදී කඩුල්ලක් දැවී 48
(නෙත්ම හිමරංග නොදැවී 25)

 


අදහස් (0)

ලොයෙලා විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.