Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලේටන් කුසලාන තරග හෙට සිට

ලේටන් කුසලාන තරග හෙට සිට

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 77 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය හෙට (14 වැනිදා) සිට 18 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ බොක්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බර පංති 10 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා යන අංශ දෙක සඳහාම විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත තරග පැවැත්වේ. මින් පෙර පැවැති ආධුනික, අතරමැදි, ජාතික කනිෂ්ඨ සහ ස්ටබ්ස් පළිහ වැනි ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි වලදී ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගි විය හැකිය.

ඉකුත් වසරේ (2017) පැවැති ලේටන් කුසලාන තරගාවලියේදී හෙළ බොක්සිං සමාජය නියෝජනය කළ තිවංක රණසිංහ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, මාස් යුනිචෙලා ක්‍රීඩා සමාජය ක්‍රිෂ්මි ධර්මතිලක දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, හෙළ, කැෂුවල් ලයින්, ලීනියා, සිලුවේටා, යුනිචෙලා, තුරුලි වැනි දිවයිනේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 102 ක් සහ ක්‍රීඩිකාවෝ 36ක් මෙවර තරගාවලිය සඳහා ඉදිරිපත්වී සිටිති.

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට විශේෂ කුසලාන සහ සහතිකපත් පිරිනැමේ.

 


අදහස් (0)

ලේටන් කුසලාන තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.