අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට එරෙහිව කොළඹ කෝල්ට්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට ලූම්බිණි විදුහල සමත්විය.
මෙය ලූම්බිණි විදුහල් පිල මෙවර තරග වාරයේදී ලද 5 වැනි පූර්ණ ජයග‍්‍රහණය වන අතර මින් පෙර පැවැති තරග වලදී ලූම්බිණි විදුහල් පිල විසින් බලපිටිය රේවත, කොළඹ කේරි, කෝට්ටේ ජනාධිපති සහ කඳාන ද මැසිනොද් විදුහල වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලබා තිබේ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 94 ක ඉලක්කයක් හඹාගිය ලූම්බිණි විදුහල, කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. දක්ෂ පිතිහරඹයක නිරවූ තරුෂාන් ඉද්දමල්ගොඩ, ලූම්බිණි විදුහල් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 97 ක් රැස්කිරීමට සමත්විය. ලූම්බිණි විදුහලේ තනුක දාබරේ, ඉනිම් දෙකේදී ලකුණු 102 ක් රැස්කරමින් සහ ලකුණු 38 කට කඩුලූ 6 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්විය.
ධර්මාශෝක විදුහල් පළමු ඉනිම - ඕවර 50 කදී සියලූ දෙනා දැවී 155
(රවීන් තරිඳු 60, සචින් දේවාංගන 44, තනුක දාබරේ 22/4, චානක දේවින්ද 36/4)
ලූම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 64 කදී සියලූ දෙනා දැවී 194
(තරුෂාන් ඉද්දමල්ගොඩ නොදැවී 97, තනුක දාබරේ 33, ඉසුරු චතුරංග 15/3, ඉෂාර මෙන්ඩිස් 35/3, රවීන් තරිඳු 24/2)
ධර්මාශෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 53.2 කදී සියලූ දෙනා දැවී 132
(රවීන් තරිඳු 39, චානක දේවින්ද 45/3, තනුක දාබරේ 16/2, මොහොමඞ් අක‍්‍රම් 34/2)
ලූම්බිණි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 23 කදී කඩුලූ 2 ක් දැවී 97
(තනුක දාබරේ නොදැවී 69)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.