Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලුම්බිණි සාම මැරතන් තරගයට සිසිර කුමාර

ලුම්බිණි සාම මැරතන් තරගයට සිසිර කුමාර

editorial - 2024 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සෙනසුරාදා (6) නේපාලයේ ලුම්බිණි නුවරදී පැවැත්වෙන ලුම්බිණි වාර්ෂික සාම මැරතන් (පිරිමි) තරගය (2024) සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ඩබ්.එම්. සිසිර කුමාර සහ ඔහුගේ පුහුණුකරු ලෙස ප්‍රවීණ මලල ක්‍රීඩා පුහණුකරුවකු වන සජිත් ජයලාල් මහතා අද (3) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

‘යුනෙස්කෝ’ ලෝක උරුමයක් බවට පත්කර තිබෙන බුදුන් වහන්සේ උපන් නේපාලයේ  ලුම්බිණි නුවරදී සාමය පෙරදැරිව වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම මැරතන් තරගය වාර්ෂිකව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය යෙදී තිබෙන අප්‍රේල් 6 වැනිදා පැවැත්වීමට කටයුතු කෙරේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධිකරණයෙන් සූදානම් කෙරෙන මෙම තරග සංචාරය සඳහා පැවැති කිලෝ මීටර් 30ක් දුරැති මාර්ග ධාවන තරගයේ පස් වැනි ස්ථානය ලද ක්‍රීඩකයාට එහි අවස්ථාව උදා කර දුන් බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.

මේ ආකාරයට එකී මාර්ග ධාවන තරගයේ සිව් වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩකයන්ටද්‍ මීට පෙර ජාත්‍යන්තර මැරතන් තරග අවස්ථා උදා කර දුන් බවත් එම ආයතනය පවසයි.

සිසිර කුමාර ජාතික මැරතන් තරග පදක්කම්ලාභියකු වන අතර, මීට පෙරත් ජාත්‍යන්තර මැරතන් තරග කිහිපයකට සහභාගි වූ අයෙකි. පසුගිය වසරේදී පැවැති ලුම්බිණි සාම මැරතන් (පිරිමි) තරගයේදී ලෝකඩ පදක්කම හිමි කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක අමිල සනත්ට හැකි විය.

දකුණු ආසියානු රටවල් රැසකින් ලුම්බිණි සාම මැරතන් තරගය සඳහා මෙවරත් ක්‍රීඩකයන් ඉදිරිපත් කර සිටිති. ජාත්‍යන්තර පදක්කම් දිනූ ශ්‍රී ලංකා මැරතන් හා දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවකගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කර ඇති සජිත් ජයලාල් මහතා, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ වත්මන් ප්‍රධාන අධ්‍යක්ෂවරයා ලෙස වෘත්තියෙන් කටයුතු කරයි.

නේපාල ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රධාන ලුම්බිණි පළාත් ක්‍රීඩා සභාව, එරට සංවිධාන රැසකගේ සහයෝගයෙන් මෙම මැරතන් තරගය සංවිධානය කරයි. ලුම්බිණියේ මායාදේවි විහාරස්ථානය අසලින් මෙම මැරතන් තරගය ආරම්භ වේ.


අදහස් (0)

ලුම්බිණි සාම මැරතන් තරගයට සිසිර කුමාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.