Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලසිත් - රවිඳු මාරිස්ටෙලා විදුහලට ජය ගෙනෙති

ලසිත් - රවිඳු මාරිස්ටෙලා විදුහලට ජය ගෙනෙති

රොෂාන් ගුණරත්න - 2016 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී මාතර සා. සර්වේශස් විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබාගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය ඊයේ (02 වැනිදා) සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ලසිත් කෲස්පුල්ලේ ශතකයක් (123) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර තුන්ඉරියව් දස්කම් දැක්වූ රවිදු ප්‍රනාන්දු අර්ධ ශතකයක් (77) සහ ඉනිම දෙකෙහිදී ලකුණු 94 ට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය. දෙවැනි ඉනිමේදී ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරතවීමට පසිදු මාධව සමත්වූයේය.

 

සා. සර්වේශස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 62.1 කදී සියලුදෙනා දැවී ලකුණු 214
(මුදිත හෂාන් 71, සඳරු නෙත්මිණ 58, චරිත් හර්ෂණ 27, හචිඳු කොළඹගේ 30/4, රවිදු ප්‍රනාන්දු 42/3, සංක පූර්ණ 34/2)


මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 302 කදී කඩුලු 6 දැවී ලකුණු 302
(ලසිත් කෲස්පුල්ලේ 123, රවිදු ප්‍රනාන්දු 77, කෙවින් පෙරේරා 33, ශශික දුෂාන් 103/4, කේශර නුවනෙස 60/2)


සා. සර්වේශස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36 කදී සියලුදෙනා දැවී ලකුණු 99
(කේශර නුවන්ත 34, මුදිත හෂාන් 27, පසිදු මාධව 17/5, රවිදු ප්‍රනාන්දු 52/5)


මාරිස්ටෙලා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 2.1 කදී කිසිවකු නොදැවී ලකුණු 12

 


අදහස් (0)

ලසිත් - රවිඳු මාරිස්ටෙලා විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.