Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලයිසියම් ජාත්‍යන්තර පාසලට විශිෂ්ට ජයක්

ලයිසියම් ජාත්‍යන්තර පාසලට විශිෂ්ට ජයක්

Nisanka Sandeepani - 2018 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, අල් ගසාලි මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 131 ක විශිෂ්ට ජයක් ලැබීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල  3  වැනිදා සමත් විය. මෙම තරගය සීලරතන පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නේතන් ලියනගේ පළමු ඉනිමේදී ලකුණු 16 කට කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 24 කට කඩුලු 2ක් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 40 කට කඩුලු 8 ක් බිඳ හෙළීය. එම විද්‍යාලයේම තේජාන් පීරිස් නොදැවී ලකුණු 100 ක් රැස් කරමින් විද්‍යාලීය ජයග්‍රහණයට දායකත්වය සැපයීය. 

අල් ගසාලි විද්‍යාල පළමු ඉනිම - ඕවර 10.3 කදී සියලු දෙනා දැවී ලකුණු 37 
(නේතන් ලියනගේ 16/6, යසිත් කලුපහන 08/3 ) 

ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 23.3 කදී කඩුලු 3ක ට ලකුණු 276 
(තේජාන් පීරිස් නොදැවී 100, යෙසිත් කලුපහන 53, රුසිරු ප්‍රනාන්දු 52, එන්.එස්. අබ්දුල්ලා 64/2 ) 

අල් ගසාලි විද්‍යාල දෙවැනි ඉනිම  -  ඕවර 20.4 කදී සියලු දෙනා දැවී ලකුණු 108 
(එස්.එම් ආෂික් 44, නිවින් රොදි්‍රගෝ 10/3, නේතන් ලියනගේ 24/2 ) 


අදහස් (0)

ලයිසියම් ජාත්‍යන්තර පාසලට විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.