Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලකුණු සටහන්කරුවෙකුටත් කොරෝනා

ලකුණු සටහන්කරුවෙකුටත් කොරෝනා

editorial - 2021 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) ආරම්භවූ දෙවැනි එක්දින තරගයේ ලකුණු සටහන්කිරීම සඳහා එක්වූ ලකුණු සටහන්කරුවකුට කොරෝනා වයිරසය ආසාධනයවී ඇති බව දැනගන්නට තිබේ. ක්‍රීඩාංගණයට ඇතුළුවීමේදී සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාවේදී එම ලකුණු සටහන්කරුවාට වයිරසය ආසාධනයවී ඇති බව තහවුරුවී ඇත.

එම ලකුණු සටහන්කරුවාගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාව ධනාත්මකවීමත් සමගින් ඔහුව මේ වනවිට ක්‍රීඩාංගණයේම හුදකලා කිරීමකට ලක්කර ඇති අතර අනෙක් ලකුණු සටහන්කරුවන් දෙදෙනා සිය නිවෙස් වෙත යවා ඇත. ඔවුන් දෙදෙනා නිවෙස් වෙත යැවීමට පෙර ඔවුන්ටද රැපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂාව සිදුකර ඇති අතර ඔවුන්ගේ ප්‍රතිඵල ඍණාත්මකවී ඇත.

තරගයේ සඳහා ලකුණු සටහන්කරනය සඳහා යොදවා තිබූ ඔවුන් තිදෙනා වෙනුවට වෙනත් ලකුණු සටහන්කරුවන් තිදෙනෙකු යෙදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

තරගාවලියට දායකත්වය සපයන සෙසු පිරිස් වෙත හෝටල් පහසුකම් සපයා තිබුණද ලකුණු සටහන්කරුවන් වෙත හෝටල් පහසුකම් සපයා නොතිබුණු අතර ඔවුන් බස් රථයෙන්ම තරගට පැමිණ බස් රථයෙන්ම සිය නිවෙස් වෙත ගොස් ඇත.

ලකුණු පුවරුවේ ලකුණු දැමීම සඳහා තවත් පිරිසක් යොදවා සිටින අතර ඔවුන් වයිරසය ආසාධනයවූ බවට සැක කරන ලකුණු සටහන්කරුවා සමගින් සම්බන්ධතා පවත්වා ඇති බව දැනගන්නට තිබෙන නමුත් එම පිරිස් තවදුරටත් ලකුණු පුවරුවේ ලකුණු දැමීම සඳහා රඳවාගෙන ඇත.

“තරගයක් ලබාදුන්නාම ඔවුන් පරිස්සම් වෙන්න දැන ගන්න ඕන” යැයි ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ නිලධාරියෙකු මේ පිළිබඳව ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකුගෙන් විමසූ විට එම නිළධාරියා විසින් පවසා ඇත.

 

- 2079


අදහස් (1)

ලකුණු සටහන්කරුවෙකුටත් කොරෝනා
  • අනුර රත්නායක Thursday, 22 July 2021 07:27 AM

    කීර්ති අපේ සංගමය පිහිටුවීමට පුරෝගාමීත්වයක් ගත් ප්‍රවීණ සාමාජිකයකු ලෙස කටයුතු කරනවා. දැනට අවුරුදු 20ක් වෙනවා අපේ සංගමයට... නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී ලකුණු සටහන් කරුවන්ටත්, ලකුණු පුවරුව ක්‍රියාත්මක කරවන්නන්ටත් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි. මේ ක්‍රමය යම් මට්ටමකට හෝ අවම කරන්න අපේ කීප දෙනකු උත්සාහ කළද ඒවා ව්‍යර්ථ වුණා. හේතුව ක්‍රිකට් ආයතනයේ අප අංශයේ කටයුතු බාරව වරින්වර පත්වන උදවියගේ සුද්දන්ටත් එහා ගිය කළු සුද්දන්ගේ යටත් විජිත මානසිකත්වය හා ආකල්ප නිසා අපේ ක්ෂේත්‍රයේ අඩුපාඩු, පහසුකම් හා ගැටලුවලට දුන් අලස උදාසීනභාවයයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.