වෙළෙද සේවා කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වෙළෙද සේවා කි‍්‍රකට් තරගාවලියේ මොබිටෙල් පිල සහ යුනියන් බැංකු පිල අතර කොළඹ පී. සරා කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලූ 7 ක පහසු ජයක් අක්කර ගැනීමට මොබිටෙල් පිල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය මොබිටෙල් පිල ඕවර 26.3 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
එහිදී නොදැවී ලකුණු 83 ක් රැස්කළ කි‍්‍රෂාන් වීරරත්න මොබිටෙල් පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගිය අතර 3 වැනි කඩුල්ල සඳහා රොශාන් අනුරාධ (නොදැවී 29) සමග නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩ නැගීමටද ඔහු සමත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් යුනියන් බැංකු පිලට ඕවර 43.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 152 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලක්ෂාන් ජයසිංහ ලකුණු 23 කට කඩුලූ 5 ක් දවාගනිමින් යුනියන් බැංකු ඉනිම සුනුවිසුණු කර දැමුවේය.
යුනියන් බැංකු පිල - ඕවර 43.5 කදී සියලූ දෙනා දැවී 152
(අයේෂාන් පෙරේරා 46, ලක්ෂාන් ජයසිංහ 23/5, කෝෂාන් ධනුෂ්ක 31/3)
මොබිටෙල් පිල - ඕවර 26.3 කදී කඩුලූ 3 ක් දැවී 156
(කි‍්‍රෂාන් වීරරත්න නොදැවී 83, රොෂාන් අනුරාධ නොදැවී 29, ශිවන්ත කුමාර 41/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.