Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෝයි ඩයස්ට හොඳ තනතුරක්

රෝයි ඩයස්ට හොඳ තනතුරක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වයස් කාණ්ඩ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රීඩක රෝයි ඩයස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන රෝයි ඩයස් මහතා සෙසු පිතිකරු පුහුණුකරුවන්ගේ උපදේශකවරයා ලෙස ද කටයුතු කරයි.

රෝයි ඩයස් මහතා ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට එම තනතුරේ කටයුතු කිරීමට නියමිතය. කොළඹ මේට්ලන්ඞ් පෙදෙස ක‍්‍රිකට් මූලස්ථානයේදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණ ගනු ලැබ තිබිණ.

 

  • කි‍්‍රකට් විධායක කමිටුව පහත තීරණවලට ද එළඹී බව ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
  • ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නව පුහුණුකරු ලෙස රොජර් විජේසූරිය මහතා පත්කිරීම.
  • පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත ක‍්‍රීඩකයන් වෙනුවෙන් ක‍්‍රියාත්මක කරනු ලබන පටිපාටි ගත කි‍්‍රයාවලියට අනුමැතිය දීම.
  • කොළඹදී පැවැත්වෙන විශේෂ පුහුණු සැසිවලට සහභාගි වන වයස 13 න් පහළ සිට 17 න් පහළ දක්වා පිට පළාත් ක‍්‍රීඩකයන්ට විශේෂ දීමනාවක් ලබාදීම.
  • විධායක කමිටු සාමාජිකයකුව සිට අභාවප‍්‍රාප්ත වූ ශ්‍රීනාත් සිල්වා මහතා වෙනුවට විධායක කමිටු සාමාජිකයකු  ලෙස අජිත් කුරේ මහතා පත්කිරීම.  

 

- 048


අදහස් (0)

රෝයි ඩයස්ට හොඳ තනතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.