Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෝද සපත්තු තරගය මොරටුවේදී

රෝද සපත්තු තරගය මොරටුවේදී

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාපැදි සම්මේලනය සහ මොරටුව ෆිට් වීල් ක්‍රිඩා සමාජය එක්ව පළමු වතාවට සංවිධානය කරන විවෘත රෝද සපත්තු තරගය අගෝස්තු මස 5 වැනිදා පෙරවරු 7.30 සිට මොරටුවේදී පැවැත්වේ.

මොරටුව, රාවතාවත්ත ‘ක්‍රිකට් ෂොප්’ ඉදිරිපිටින් ආරම්භ වන තරගය ගාලු පාර ඔස්සේ පානදුර පාලම දක්වා ගොස් හැරී, කටුබැද්ද ‘කේ-සෝන්’ වෙළෙඳ සංකීර්ණය අසලින් හැරී, නැවත ‘ක්‍රිකට් ෂොප්’ වෙත පැමිණීමෙන් අවසන් වේ. තරගයේ මුලු දුර කිලෝ මීටර් 30 කි.

තරගයේ ජයග්‍රාහකයාට රෝද සපත්තු යුගලයක් සහ මුදලින් රුපියල් 20,000 ක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානයට රෝද සපත්තු යුගලයක් සහ රුපියල් 15,000 ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 10000 ක්ද පිරිනැමෙනු ඇත.

සිවුවැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා රුපියල් 7,500 බැගින්ද පිරිනැමෙන අතර සහභාගී වන සියලුම ක්‍රීඩකයන්ට කුසලානයක් සමග වටිනා සහතික පත්‍රයක් ලබා දෙන බව සංවිධායකයෝ පවසති. 071 4232888 යන දුරකථන අංකය (ජාන්) ඇමතීමෙන් තරගය පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැකිය.

 
- 092

 


අදහස් (0)

රෝද සපත්තු තරගය මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.